Home අද කොළඹ වරාය ඇතුළු වාණිජ කටයුතු බද්දේගමට ගෙනයන සුපිරි NPP සැලසුම මෙන්න

කොළඹ වරාය ඇතුළු වාණිජ කටයුතු බද්දේගමට ගෙනයන සුපිරි NPP සැලසුම මෙන්න

3654
0

ජාතික ජනබලවේගයේ රජයක් යටතේ කොළඹ වරාය ඇතුළු නගරයේ වාණිජ කටයුතු බද්දේගම ගාල්ල සහ අනුරාධපුරයට රැගෙන යන බව ජාතික ජනබල වේගයේ  සාමාජික කේ ඩී ලාල් කාන්ත මහතා ප්‍රකාශ කර තිබෙනවා. එම පක්ෂය සංවිධානය කළ මහජන රැළියකදී අදහස් දක්වමින් ලාල් කාන්ත මහතා තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ කොළඹ වැනි කුඩා නගරයකට සැහැල්ලු දුම්රිය මගින් , මහා මාර්ග මගීන් ජනතාව ගෙන එනවාට වඩා කොළඹ සිදුවන කටයුතු වෙනත් ස්ථානවලට රැගෙන යාම සුදුසු බවයි.

“ පොළොව යටින් බිංගෙවල් හාර‌‌ගෙන කොළඹට මිනිස්සු ගෙනියනවා. ඊලගට පාරෙ දිගේ ගෙනියනවා මුහුද දිගේ ගෙනියනවා. මේ පොඩි භූමියකට මිනිස්සු ගෙනිහින් දාන්නේ ඇයි. එතන තියෙන උවමනාවන් ටික බලලා බද්දෙගමට ගාල්ලට අනුරාධපුර ගෙනිච්චනම් තදබදය නැතිවෙනවානෙ. වරායත් කොළඹ, ආර්ථික නගරයත් එතන , දේශපාලන නගරයත් එතන” යැයි පැවසීය.

කොළඹ නගරයේ ක්‍රියාත්මක කිරීමට නියමිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවශ්‍ය නොවන එකක් බව මීට දින කිහිපයකට පෙර එම පක්ෂයේ සමාජික වසන්ත සමරසිංහ මහතා ද ප්‍රකාශ කර තිබුණි.

 

Previous articleදිනේෂ් ශාෆ්ටර්ගේ සමීප මිතුරෙකුත් අභිරහස් ලෙස මියයයි
Next articleසර්වපාක්ෂික සමුළුව ගැන සජිත් සහ අනුර ගත් තීරණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here