Home අද තනි සංචාරයන් සඳහා  ලොව වඩාත්ම ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් බවට ලංකාව පත්වේ

තනි සංචාරයන් සඳහා  ලොව වඩාත්ම ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් බවට ලංකාව පත්වේ

47241
0

2024 වසරේ තනි සංචාරයන් සඳහා  ලොව වඩාත්ම ජනප්‍රිය සංචාරක ගමනාන්ත අතර ශ්‍රී ලංකාවට සිව්වැනි ස්ථානයට පත්ව තිබේ.

 

”ෆෝබ්ස් ” ව්‍යාපාරික සඟරාව මේ බව අනාවරණ කර ඇත්තේ ”ෆ්ලෑෂ් පැක්” සංචාරක වෙබ් අඩවිය සිදුකළ ඇගයීමකට අනුවය.

 

ශ්‍රී ලංකාවට ඉහළින් එම ලැයිස්තුවේ දැක්වෙන්නේ ජපානය,ආජන්ටිනාව සහ ඊජිප්තුව ය.

 

දුෂ්කර වසර ගණනාවකින් පසු ශ්‍රී ලංකාව සංචාරක ක්ෂේත්‍රයේ මේ වනවිට ඉදිරියට පැමිණෙමින් සිටින බව එම වෙබ් අවඩිය, ශ්‍රී ලංකාව පිළිබඳ තබාඇති සටහනක දැක්වේ.

 

ඒ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව 2023 වසරේ විදෙස් සංචාරකයින් 1,487,303ක් මෙරටට පැමිණ තිබේ.

 

සංචාරක කර්මාන්තයෙන් පසුගිය වසරේදී මෙරට උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 2,068කි.

Previous articleආගමික ඉගැන්වීම් විකෘති කරමින් සිදු කරන ක්‍රියාවන්ට නව නීති !
Next articleවෛද්‍යවරුන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දීමනා ඉහළට – රජයේ සේවකයන්ටත් වාසියක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here