Home අද අන්තර්ජාතික වෙළෙඳපොළේ තැඹිලි ඒකාධිකාරිය ශ්‍රී ලංකාවට – තැඹිලි වගා කරන්න ගම්මාන 86ක්

අන්තර්ජාතික වෙළෙඳපොළේ තැඹිලි ඒකාධිකාරිය ශ්‍රී ලංකාවට – තැඹිලි වගා කරන්න ගම්මාන 86ක්

12128
0

අපනයනය ඉලක්ක කර ගනිමින් තැඹිලි වගා කිරීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් ගම්මාන 86ක් තෝරාගෙන ඇති අතර,ඒවායෙහි තැඹිලි පැළ 45,000ක් වගා කිරීමට තීරණය කර තිබෙනවා.

අමාත්‍යාංශය සඳහන් කර සිටියේ, මෙරට තැඹිලිවල රසය හා ගුණාත්මකභාවය ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් අන්තර්ජාතික වෙළෙඳපොළේ තැඹිලි පිළිබඳ ඒකාධිකාරිය ශ්‍රී ලංකාවට හිමිව ඇති බවයි.

ඒ අනුව මොනරාගල, මාතර, කුරුණෑගල, කෑගල්ල, ගම්පහ,කළුතර, පුත්තලම, රත්නපුර, හම්බන්තොට, අනුරාධපුර, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, අම්පාර, මාතලේ, ගාල්ල, මඩකලපුව, යාපනය සහමහනුවර දිස්ත්‍රික්කවල ගම්මාන 86ක්තැඹිලි වගා කිරීම සඳහා තෝරාගෙන ඇතැයි අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

මෙහිදී එක් ගම්මානයක වැඩි අක්කර ප්‍රමාණයක් තැඹිලි වගා කිරීමට යම් අයෙකුට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගන්නා ලෙස විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

එසේම මේ යටතේ තැඹිලි පැළ හා තාක්ෂණික දැනුම මෙන්ම උපදෙස් නොමිලයේ ලබා දීමටද නියමිතය.

Previous article6 වසරෙන් ඉහළ දරුවන්ට පාසලේදීම වෘත්තීය මාර්ගෝපදේශනය
Next articleකෝප් සභාපති පුටුව රෝහිතට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here