Home අද ආගමික ඉගැන්වීම් විකෘති කරමින් සිදු කරන ක්‍රියාවන්ට නව නීති !

ආගමික ඉගැන්වීම් විකෘති කරමින් සිදු කරන ක්‍රියාවන්ට නව නීති !

1954
0

ඇතැම් පුද්ගලයන් විසින් ආගමික ඉගැන්වීම් විකෘති කරමින් ,සමාජ ආතතිය ඇති කරමින් සිදු කරන ක්‍රියාවන්  වැළැක්වීමට හා තුරන් කිරීමට රජය නව නීති සම්පාදනය කිරීමට  කටයුතු කරමින් සිටින බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

 

පුද්ගලයකු ආගමික කරුණු විකෘති කරමින් කළ දේශනා ආදිය අනුගමනය කරමින් ඔහු හා ඔහුගේ අනුගාමිකයන් කිහිප දෙනෙකු සියදිවි නසා ගැනීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කළේ ය.

 

සමාජය විකෘති කිරීමට පොළඹවන පුද්ගලයන් විසින් මෙහෙයවනු ලබන ආගමික ඇදහිලි පිළිබඳව සොයා බැලීමට කැබිනට් මණ්ඩලය විසින් කමිටුවක් පත්කළ බව ද විදුර වික්‍රමනායක මහතා එහිදී ප්‍රකාශ කළේය.

 

රටේ නීතිමය රාමුව තුළ සෑම කෙනෙකුටම තම ආගම ඇදහීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට අවශ්‍ය කටයුතු කඩනමින් සිදු කරන බව ද මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Previous articleපොරොන්දු ඉටුකරමින් මනූෂගෙන් නුවරඑළියට දෙමළ මාධ්‍යයෙන් කටයුතු කිරීමට විදේශ සේවා කාර්යාලයක්
Next articleතනි සංචාරයන් සඳහා  ලොව වඩාත්ම ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් බවට ලංකාව පත්වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here