Home අද සර්වපාක්ෂික සමුළුව ගැන සජිත් සහ අනුර ගත් තීරණ

සර්වපාක්ෂික සමුළුව ගැන සජිත් සහ අනුර ගත් තීරණ

1767
0

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (26) සර්ව පාක්ෂික සමුළුවක්  පැවැත්වීමට නියමිතව තිබේ.

මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් වෙත ඇරයුම් කර ඇති අතර එම සමුළුවේදී ජාතික සංහිඳියා වැඩසටහන සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතව ඇත.

අදාළ සාකච්ඡාවට සම්බන්ධවීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් හෙට දිනයේදී එබව තීරණය කරන බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පවසයි. මේ අතර  ජනාධිපතිවරයා විසින් කැඳවා ඇති සමුළුවට ජාතික ජනබල වේගය සහභාගී නොවන බව එහි සමාජික සුනිල් හදුන්නේතිති මහතා පවසයි.

කෙසේවෙතත් අනිතුත් පක්ෂ නායකයින් මේවනවිටත් සර්ව පාක්ෂික සමුළුවට සහභාගීවීමට එකඟත්වය පත්කර ඇති බවද වාර්තා වේ.

Previous articleකොළඹ වරාය ඇතුළු වාණිජ කටයුතු බද්දේගමට ගෙනයන සුපිරි NPP සැලසුම මෙන්න
Next articleසංචාරකයින් මිලියන 5ක් ගෙන්වා ගැනීමට Visit Sri Lanka නව සංචාරක සැලැස්මක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here