Home අද ලොව හොදම ගිලන්රථ සේවාව බවට සුවසැරිය පත්වේ

ලොව හොදම ගිලන්රථ සේවාව බවට සුවසැරිය පත්වේ

9508
0

ලොව ගිලන්රථ සේවා අතර වේගවත්ම ප්‍රතිචාර දක්වන සේවාවක් බවට සුවසැරිය ගිලන්රථ සේවාව පත්වී ඇති බව ලෝක බැංකුව සඳහන් කරයි.

මෙරට ක්‍රියාත්මක සුවසැරිය ගිලන්රථ සේවාව (1990 ) තාක්ෂණය උපයෝගි කරගනිමින්, නොමිලයේ සේවා සපයන ලොව වඩාත් උසස් ගිලන්රථ සේවාවක් ලෙස ලෝක බැංකුව නම්කර තිබේ .

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය නියෝජ්‍ය සභාපති මාර්ටින් රේසර් ලෝක බැංකුවේ නිල වෙබ් අඩවිය වෙත සුවසැරිය පිළිබඳ වාර්තාවක් ගොනු කර ඇත්තේ දකුණු ආසියාවේ දුප්පත්කම තුරන්කිරීමේ තේමාව යටතේය.

එම වාර්තාවේ දැක්වෙන පරිදි 2016 වසරේදී සුවසැරිය ගිලන් රථ සේවාව මෙරට හඳුන්වාදීමෙන් පසු මේ දක්වා මිලියන 1.8ක ශ්‍රී ලාංකිකයින් 1990 සුවසැරිය ගිලන්රථ සේවාව සමග සම්බන්ධවී ඇති බවය.

එමෙන්ම ඇමතුමක් හා සම්බන්ධවී සාමාන්‍ය ලෙස විනාඩි 12ක කාලයක් ඇතුළත ගිලන්වු පුද්ගලයා ආසන්නයේ පිහිටි රෝහලක් වෙත හෝ සත්කාර මධ්‍යස්ථානයක් වෙත රැගෙන යාමට සුවසැරිය සමත්වී තිබේ.

ඒ අනුව ලොව ගිලන්රථ සේවාවන් අතර වේගවත්ම ප්‍රතිචාර දක්වන සේවාවක් බවට සුවසැරිය නම්කර ඇති බවද ලෝක බැංකුව වාර්තාව මගින් පෙන්වාදෙයි.

 

ඉංග්‍රිසි භාෂාවෙන් පළවී ඇති එම වාර්තාව 

Previous articleප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනය පාසල් පද්ධතියට – සිසුවියන් ලක්ෂ 8කට නොමිලේ සනීපාරක්ෂක තුවා
Next articleඩොලරය තවත් අඩුවෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here