Home Uncategorized ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනය පාසල් පද්ධතියට – සිසුවියන් ලක්ෂ 8කට නොමිලේ සනීපාරක්ෂක තුවා

ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනය පාසල් පද්ධතියට – සිසුවියන් ලක්ෂ 8කට නොමිලේ සනීපාරක්ෂක තුවා

273
0

පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීම ලබන අප්‍රේල් මාසයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) ප්‍රකාශ කළේය.

හය වැනි ශ්‍රේණියෙන් ඉහළ පාසල් දැරියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදීමට සැලසුම් කර ඇති අතර ඒ යටතේ ලක්ෂ අටකට අධික සිසුවියන් පිරිසකට මෙම පහසුකම සැලසීමට අපේක්ෂා කරන බව ද ඇමැතිවරයා කියා සිටියා.

මේ සඳහා වවුචර පත් ලබාදීමට කටයුතු කරන බව ද ඇමැතිවරයා කීය. අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව සඳහන් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ අධ්‍යාපන විෂය තුළ 6 වසරේ සිට 9 වසර දක්වා විද්‍යාව සහ සෞඛ්‍ය අනිවාර්ය විෂයක් කර ඇති බවයි. පාසල් පද්ධතිය තුළ ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධයෙන් වයසට ගැළපෙන පරිදි පාසල් සිසුන් දැනුම්වත් කිරීමද සිදුකරන බවද හෙතෙම පැවසීය.

උසස් පෙළ සිසුන් සඳහා 16+ නමින් අතිරේක කියවීම් පොතක්ද හඳුන්වා දී ඇති අතර මෙවැනි අතිරේක පොත් මඟින් මෙම විෂය සම්බන්ධයෙන් සිසුන් දැනුම්වත් කිරීම සිදුවන බවද හෙතෙම පැවසීය. වයස අවුරුදු 12ත් – 47ත් අතර කාන්තාවන්ගෙන් වැඩි පිරිස නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය නොකරන බවට හඳුනාගෙන ඇත.

Previous articleබස්නාහිරට දකුණට විශේෂ පොලිස් කණ්ඩායම් 20ක්
Next articleලොව හොදම ගිලන්රථ සේවාව බවට සුවසැරිය පත්වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here