Home අද කෘත්‍රිම බුද්ධිය පාසලට- ගුරුවරුන් 100කටත් මයික්‍රොසොෆ්ට් පුහුණුවක්

කෘත්‍රිම බුද්ධිය පාසලට- ගුරුවරුන් 100කටත් මයික්‍රොසොෆ්ට් පුහුණුවක්

15126
0

කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පාඨමාලා පාසල් අධ්‍යාපනයට හඳුන්වා දීමට රජය තීරණය කර තිබෙනවා.

ඊට අදාළ කැබිනට් යෝජනාව තාක්‍ෂණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් විසින් ඒකාබද්ධව ඉදිරිපත් කර තිබේ.

පළමුව එහි නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. එම නියමු ව්‍යාපෘතිය මයික්‍රොසොෆ්ට් ආයතනයේ ද සහාය ඇතිව තෝරාගත් පාසල් කිහිපයක 8 වැනි ශ්‍රේණියේ සිට ආරම්භ කිරීමට නියමිතය.

එහිදී මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් සපයනු ලබන පහසුකම් අනුව නියමු ව්‍යාපෘතිය සඳහා තෝරා ගනු ලබන පාසල් ඩිජිටල්කරණය කිරීම තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ විෂයය උගන්වනු ලබන ගුරුවරුන් 100 දෙනකුට මයික්‍රොසොෆ්ට් ආයතනය මගින් පුහුණුව ලබා දීමට ද යෝජනා කර ඇත.

Previous articleජීවතුන් අතර සිටින දේශපාලකයන්ගේ නම් පාසලින් ගලවන්න – ඇමතිගෙන් ආණ්ඩුකාරවරුන්ට නියෝගයක්
Next articleරට විරුවන්ට කෝටියක් දක්වා නිවාස ණය – පොලියෙන් කොටසක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here