Home අද ජීවතුන් අතර සිටින දේශපාලකයන්ගේ නම් පාසලින් ගලවන්න – ඇමතිගෙන් ආණ්ඩුකාරවරුන්ට නියෝගයක්

ජීවතුන් අතර සිටින දේශපාලකයන්ගේ නම් පාසලින් ගලවන්න – ඇමතිගෙන් ආණ්ඩුකාරවරුන්ට නියෝගයක්

1675
0

ජීවතුන් අතර සිටින දේශපාලනඥයන් ඇතුළු විවිධ පුද්ගලයන්ගේ නම්වලින් හඳුන්වන පාසල්වලින් එම නම් ඉවත් කරන ලෙසට සියලු ම පළාත් ආණ්ඩුකාරවරුන්ට දැනුම් දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසනවා.

සියලු ම ආණ්ඩුකාරවරුන් එළඹෙන සිකුරාදා (පෙබ. 16) හමුවී මෙම තීරණය දැනුම් දෙන බව ද ඇමැතිවරයා සඳහන් කළේ ය.

එසේ ම ,ජීවතුන් අතර සිටින කිසිවකුගේ නමක් මින් ඉදිරියට පාසල්වලට නොයොදන ලෙසට එහිදී උපදෙස් දෙන බව ද හෙතෙම කීය.

පාසල් ආදි ශිෂ්‍ය සංගම්වල ඉල්ලීම අනුව පසුගිය කාලයේදී දේශපාලනඥයන් ඇතුළු විවිධ පුද්ගලයන් ජීවත්ව සිටියදී පාසල්වලට නම් යොදා තිබෙන බව පැවසූ ඇමතිවරයා මින් ඉදිරියට එය සිදුකිරීමට ඉඩ නොදෙන බව ත්, ඒ සඳහා අවශ්‍ය නීති ගෙන එන බ වත් ප්‍රකාශ කළේ ය.

මේ අතර, දේශපාලනඥයන් පාසල්වලට ගොස් ආධාර ලබා දෙන මුවාවෙන් සිදු කරන දේශපාලන කතා නතර කිරීමට පියවර ගන්නා බව ද ප්‍රේම්ජයන්ත මහතා පැවසීය.

Previous articleබියගමට ජාතික රෝහලක්
Next articleකෘත්‍රිම බුද්ධිය පාසලට- ගුරුවරුන් 100කටත් මයික්‍රොසොෆ්ට් පුහුණුවක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here