Home අද බියගමට ජාතික රෝහලක්

බියගමට ජාතික රෝහලක්

605
0

ගම්පහ බියගම ප්‍රදේශයේ ජාතික රෝහලක් සහ ළමා රෝහලක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබෙනවා.

බියගම උතුර ග්‍රාම නිලධාරි වසමේ පිහිටි අක්කර 7යි රූඩ් 3ක් වන ඉඩම් කොටස් දෙකක් අත්කර ගෙන මූලික යටිතල පහසුකම් සැලසීමෙන් අනතුරුව යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජනපති සහ සෞඛ්‍ය ඇමැති ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිදු වන අධික ජනගහන වර්ධනය සහ කාර්මීකරණයට සමගාමීව එම දිස්ත්‍රික්කය ප්‍රධාන සේවා සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරයි. ඒ හේතුවෙන් සෞඛ්‍ය සේවා සඳහා වන ඉල්ලුම ඉහළ යමින් පවතින අතර එකී ඉල්ලුම සපුරාලීම සඳහා ජාතික රෝහලක් සහ ළමා රෝහලක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනා ගෙන තිබේ. ඒ අනුව, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ ජාතික රෝහලක් සහ ළමා රෝහලක් එම දිස්ත්‍රික්කය තුළ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.

Previous articleපෞද්ගලික දත්ත සැකසීමේදී පුරවැසියාගේ අයිතිය ආරක්ෂාකරනවා  –  සභාපති අර්ජුන හේරත්
Next articleජීවතුන් අතර සිටින දේශපාලකයන්ගේ නම් පාසලින් ගලවන්න – ඇමතිගෙන් ආණ්ඩුකාරවරුන්ට නියෝගයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here