Home අද ක්‍රිකට් ප්‍රශ්නය රාජත්‍රාන්ත්‍රික ප්‍රශ්නයක් වෙලා – විසඳගැනීමට පාර්ලිමේන්තුවම එක් විය යුතුයි

ක්‍රිකට් ප්‍රශ්නය රාජත්‍රාන්ත්‍රික ප්‍රශ්නයක් වෙලා – විසඳගැනීමට පාර්ලිමේන්තුවම එක් විය යුතුයි

70570
0

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රශ්නය දේශපාලනිකකරගැනීම හේතුවෙන් මේවනවිට එය ක්‍රිකට් වලින් ඔබ්බට ගොස් ජාත්‍යන්තර මෙන්ම රාජත්‍රාන්ත්‍රික ප්‍රශ්නයක් බවට පත්ව ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(17දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙම ප්‍රශ්නය විසඳාගැනීමට ජනාධිපතිවරයාට පවා මේවනවිට මැදිහත්වීමට සිදුව ඇති බවද ඒ බැවින් පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලුදෙනා මෙම ප්‍රශ්නය විසදාගැනීමට එක්විය යුතු බවද හෙතෙම ප්‍රකාශ කළේය. මෙම ප්‍රශ්නය විසඳාගැනීමට ඉන්දියාවේ ක්‍රිකට් කමිටුවේ ජේ ෂා මහතාට ඊයේ ජනාධිපතිවරයා දුරකථන ඇමතුමක් ද ලබාදුන් බව හරීන් අමාත්‍යවරයා වැඩිදුරටක් පැවසීය.

ක්‍රිකට් පාලනය වෙනස් විය යුතු බවත් සිදුවිය යුතු වෙනස්කම් ව්‍යුහාත්මක වෙනස්කම් පිළිබඳ යෝජනා ලබාදීමට ජනාධිපතිවරයා කමිටුවක් පත්කළ බවද එහිදී පැවසීය.

කෙසේ වෙතත් ශ්‍රීලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම හේතුවෙන් ක්‍රිඩාපිටිවල සේවය කරන සුළු සේවකයෙකුට පවා වැටුප් ලබාගැනීමට හැකියාවක් නොමැති බවත් , තහනම තවදුරටත් පවත්වාගෙන ගියහොත්  19 න් පහළ ලෝක කුසලානය පැවැත්වීම මෙන්නම සැලසුම්කර තිබෙන සියලු තරඟ පැවැත්විය නොහැකි බව බවද හෙතෙම පැවසීය.

මෙහිදී අදහස් දැක්වු කාංචන විජේසේකර අමාත්‍යවරයා පැවසුයේ මෙම තහනම ඉවත් කරගැනීමට කටයුතු නොකළහොත් ,  කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරඟ , පළමුපෙළ දෙවන පෙළ තරඟද , 21 න් පහළ සහ 19 න් පහළ තරග  සියල්ලටම බලපානවා බවද පෙන්වාදුනි. එබැවින් ක්‍රිකට් ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත්නොකර‌ ගෙන ඇති ක්‍රිකට් තහනම ඉවත් කරගැනීමට කටයුතු කළ යුතු බවද පැවසීය.  මෙම ප්‍රශ්නය විසඳගැනීමට මුළු පාර්ලිමේන්තුවම එක් විය යුතු බවද අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කරන ලෙස  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කළ ඉල්ලීමක් නිසා බවත් එසේ කළ ඉල්ලීම කළේ කවුරුන්ද යන්න සොයා බලා ඔවුන්ට එරෙහිව කටයුකු කළ යුතු බවද විපක්ෂනායක සජිත් ‌ප්‍රේමදාස මහතා එහිදී ඉල්ලා සිටියේය.

 

 

Previous articleරට ගැන කැක්කුමක් ඇත්නම් කරන්න ඔනේ දේ ජනපති ඩයස්පෝරාවට කියයි
Next articleබන්දුල ආර්ථික ඝාතකයින් රකින්න යනවාද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here