Home අද ඉරාන ජනපති දිවයිනට

ඉරාන ජනපති දිවයිනට

2051
0

ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා මීට සුළු වේලාවකට පෙර දිවයිනට පැමිණ තිබේ. එහිදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ඉරාන ජනාධිපතිවරයා පිළිගෙන ඇත.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණි ඉරාන ජනපති උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය අද (24) නිල වශයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ඉරාන ජනාධිපතිවරයාගේ පැමිණීම හේතුවෙන් විශේෂ ආරක්ෂක සැලැස්මක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පැවසීය

Previous articleවිපක්ෂයේ ගොන් තියරිවලට රැවටෙන්න එපා – ප්‍රසන්න
Next articleඋමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here