Home අද රනිල් අභියෝග හමුවේ පළා නොගිය මිනිහෙක් – එරික් සෝල්හයිම්

රනිල් අභියෝග හමුවේ පළා නොගිය මිනිහෙක් – එරික් සෝල්හයිම්

3921
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභියෝග හමුවේ පලා නොගිය නායකයකු බව ජනපති රනිල් වික්‍රමසිංහගේ ජාත්‍යන්තර දේශගුණික උපදේශක මෙන්ම ශ්‍රී ලංකාවේ LTTE ත්‍රස්තවාදය පැවති සමයේ එය විසඳීමට නෝර්වේ සාම මැදිහත්කරුවකු ලෙස කටයුතු කළ එරික් සෝල්හයිම් මහතා පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ සමඟ කොළඹදී රාත්‍රී භෝජන සංග්‍රහයකින් අනතුරුව ගත් ඡායා රූපයක් සිය ට්විටර් ගිණුමේ පළකරමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබෙනවා.

මේ වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ දේශපාලන ආශ්චර්යයක් සිදු කර ඇති බවත් මීට මාස 18කට පෙර ශ්‍රී ලංකාවේ පවතී තත්වයත් ඒ මහතා සිය ට්විටර් පණිවුඩයේ සටහන් කර තිබෙනවා.

එම ට්විටර් පණිවුඩය පහතින්

“මීට මාස 18 කට පෙර ජාතියක් ලෙස ශ්‍රී ලංකාව එහි ගැඹුරුම ආර්ථික අර්බුදයක සිටියේය. දිගින් දිගටම විදුලිය විසන්ධි වූ අතර ඉන්ධන මිලදී ගැනීම සඳහා දිගු පෝලිම් තිබුණි. උද්ධමනය අහස උසට නැඟුණු අතර බොහෝ ව්‍යාපාර කඩාවැටීමට ආසන්න විය. එම නිසා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව ජනතාව ඉවත්කර දැමීය.

මේ වනවිට ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කර ඇත. උද්ධමනය අඩුවී තිබේ . විදුලිය විසන්ධි කිරීම, ඉන්ධන සඳහා පෙළ ගැසී සිටීම අතීතයට අයත් දේවල්.

නමුත් බොහෝ ශ්‍රී ලාංකිකයන්ට ජීවිතය තවමත් දුෂ්කර බව නිසැකය. ආර්ථික අපහසුතා බොහොමයකි. නමුත් ශ්‍රී ලංකාවට අනාගතය දෙස සුබවාදීව බැලීම ආරම්භ කළ හැකිය.

අර්බුදය ඇති වූ විට පලා නොගිය මිනිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහයි.”

Previous articleජපන් විදේශ අමාත්‍ය ශ්‍රී ලංකාවේ සංචාරයක
Next articleසාමාන්‍ය පෙළින් විභා­ගය අව­සන් වූ වහාම උසස් පෙළ පන්ති ඇරඹේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here