Home අද ජපන් විදේශ අමාත්‍ය ශ්‍රී ලංකාවේ සංචාරයක

ජපන් විදේශ අමාත්‍ය ශ්‍රී ලංකාවේ සංචාරයක

3021
0

ජපන් විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය  මැයි 04 වැනි දින සිට 05 වැනි දා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.

මෙම සංචාරය අතරතුරදී,  ජපන් විදේශ කටයුතු අමාත්‍යවරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් බැහැදකිනු ඇත. එමෙන්ම, ජපන් විදේශ කටයුතු අමාත්‍යවරිය ප්‍රමුඛ දූත පිරිස විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සමඟද නිල සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

ජපන් විදේශ කටයුතු අමාත්‍යවරිය සමඟ එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම නිල සංචාරයට එක් වෙති

 

Previous articleEPF පොලිය ඉහළට
Next articleරනිල් අභියෝග හමුවේ පළා නොගිය මිනිහෙක් – එරික් සෝල්හයිම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here