Home අද කාර්තු 6ක් පැවති ආර්ථික පසුබෑම නිමයි – රටේ ආර්ථික වර්ධනය ඇරඹෙයි

කාර්තු 6ක් පැවති ආර්ථික පසුබෑම නිමයි – රටේ ආර්ථික වර්ධනය ඇරඹෙයි

1719
0

අඛණ්ඩව පැවති කාර්තු හයක ආර්ථික පසුබෑමෙන් පසු, ශ්‍රී ලංකා ආර්ථිකය 2023 දෙවන භාගයේදී ප්‍රසාරණයක් වාර්තා කර ඇති බවත් එමඟින් ශ්‍රී ලංකා ආර්ථිකය 2023 දෙවන භාගයේදී තුළ එම වර්ෂයේ ආර්ථික පසුබෑම සීමා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.

X පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහා බැංකුව මේ බව සඳහන් කර තිබෙනවා.

වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය 2022 දී වාර්තා වූ සියයට -7.3 සිට 2023 දී සියයට -2.3 දක්වා වැඩි දියුණු වී ඇති බව එහි වැඩි දුරටත් සඳහන් වන අතර වත්මන් වෙළෙඳපොළ මිල ගණන් අනුව දළ දේශීය නිෂ්පාදිතය 2023 දී රුපියල් බිලියන 27,629.7ක් දක්වා සියයට 14.8 කින් වර්ධනය වී ඇති බව එහි සඳහන් වනවා.

Image

Previous articleබිත්තර මිල පාලනයට රජයෙන් අලුත් තීරණයක්
Next articleශ්‍රේෂ්ඨාධිකරණයේ සංශෝධන ආණ්ඩුව පිළිගත්තා – වෙනත් සංශෝධන කරන්නේ නෑ – කංචන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here