Home අද ශ්‍රේෂ්ඨාධිකරණයේ සංශෝධන ආණ්ඩුව පිළිගත්තා – වෙනත් සංශෝධන කරන්නේ නෑ – කංචන

ශ්‍රේෂ්ඨාධිකරණයේ සංශෝධන ආණ්ඩුව පිළිගත්තා – වෙනත් සංශෝධන කරන්නේ නෑ – කංචන

1943
0

විදුලිබල පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර ඇති සංශෝධන සියල්ල පිළිගැනීමට ආණ්ඩුව එකඟ වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් ඊයේ (04) අංශික අධීක්ෂණ කාරක සභාවට දැනුම්දී අනුමැතිය ලබාගත් බවත් අමාත්‍යවරයා සිටියා.

එබැවින් එම පනත් කෙටුම්පතට වෙනත් සංශෝධන ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන බවද ඔහු පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඊයේ (04) කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඒ අනුව විදුලිබල පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවත්, එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සහ එක් වගන්තියක් ජනමත විචාරණයකින් ද අනුමත කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

පනත් කෙටුම්පත පිළිබද ‍‍ශ්‍රේෂ්ඨාධිකරණ මතය ඉදිරිපත් කරමින් කථානායකවරයා පැවසුවේ, අදාළ වගන්ති සංශෝධනය කළහොත් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් එය සම්මත කළ හැකි බවය.

Previous articleකාර්තු 6ක් පැවති ආර්ථික පසුබෑම නිමයි – රටේ ආර්ථික වර්ධනය ඇරඹෙයි
Next articleඉන්දීය අගමැති ජනපති රනිල්ට තුති පුදයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here