Home අද ජුනි මාසය වන විට පාසල් 3000ක් ඩිජිටල්කරණයට

ජුනි මාසය වන විට පාසල් 3000ක් ඩිජිටල්කරණයට

17219
0

උසස් පෙළ සහිත පාසල් 3000ක් එළැඹෙන ජුනි මාසය වන විට ඩිජිටල්කරණයට‍ ලක් කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

පාසල් ඩිජිටල්කරණයට අවශ්‍ය ගුරුවරුන් පුහුණු කිරීමේ කටයුතු එළැඹෙන මාර්තු මාසයේ ආරම්භ කරන බව ද යාපනය හින්දු විද්‍යාලයේ පැවැති උත්සවයකට සහභාගි වෙමින් ඇමැතිවරයා ඊයේ (05) කියා සිටියා.

නව තාක්ෂණය සමඟ ඍජුව සම්බන්ධ වෙමින් අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට දරුවන්ට අවස්ථාව සලසා දීම මෙමඟින් සිදු කරන බව ද අමාත්‍යවරයා පැවැසුවේය.

රටේ සියලු‍ දරුවන්ට අධ්‍යාපනයේ සමාන අවස්ථා අත්පත් කරදීම අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුණ බවත් එහි එක් පියවරක් ලෙස මෙම ඩිජිටල්කරණය සිදු කරන බවත් ඇමැතිවරයා කීය.

ඩිජිටල්කරණයට අදාළ පාසල් සියල්ලටම සුහුරු පුවරු (Smart Interactive Board) ලබාදෙන බවත් ඊට සමගාමීව සෑම අධ්‍යාපන කලාපයකම පිහිටුවා ඇති පරිගණක සම්පත් මධ්‍යස්ථාන යාවත්කාලීන කර ඇති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය. මීට වසර එකහමාරකට පෙර රට පුරා තෙල් පෝලිම් පැවති, විදුලිය කප්පාදු වූ, ගෑස් නොතිබුණු, පාසල් වසා තිබූ අභියෝගාත්මක කාලවකවානුවක අධ්‍යාපන විෂය භාර අමාත්‍ය ධුරය තමා භාර ගත් බවත් එම තත්ත්වයෙන් අත්මිදෙමින් නැවත ක්‍රමවත්ව පාසල් පද්ධතිය පවත්වාගෙන යෑමට ඉතා කෙටි කාලයක් තුළ අවශ්‍ය නිවැරදි තීන්දු තීරණ ගැනීමට හැකි වූ බවත් ඇමැතිවරයා පැවැසුවේය.

දරුවන් වෙනුවෙන් රටේ අධ්‍යාපන පද්ධතිය සංවර්ධනය කරලීම සඳහා සියලු‍දෙනාගේ කැපවීම අත්‍යවශ්‍ය වන්නේ යැයි ද ඉදිරි සති කිහිපය තුළ රටේ සෑම පළාතකටම ගොස් මේ සම්බන්ධයෙන් සියලු‍ අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමට තමා අපේක්ෂා කරන්නේ යැයි ද ඇමැතිවරයා පැවසීය.

මෙහිදී සම්මානිත මහාචාර්ය විද්‍යාඥ සිවා සිවනාදන් මහතාගේ ධන පරිත්‍යාගයෙන් යාපනය හින්දු විද්‍යාලයට සුහුරු පුවරු ලබා දීම ද සිදුකෙරිණි.

මෙම අවස්ථාවට සම්මානිත මහාචාර්ය සිවා සිවනාදන්, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරින් ද හින්දු විද්‍යාලයේ විදුහල්පති ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

Previous articleජනපති සමඟ උරුමය සින්නක්කර ඔප්පු බෙදන්න SJB ගයන්තත් එක්වෙයි
Next articleමහ කන්නය සඳහා ගොවීන්ට කෝටි 960ක් ගොවි ගිණුම්වලටම බැර කර අවසන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here