Home අද දිනේෂ් ශාෆ්ටර්ගේ සමීප මිතුරෙකුත් අභිරහස් ලෙස මියයයි

දිනේෂ් ශාෆ්ටර්ගේ සමීප මිතුරෙකුත් අභිරහස් ලෙස මියයයි

3858
0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආර්ථික විද්‍යාඥයකු මෙන්ම තරුණ ව්‍යාපාරිකයකු වන අමල් එරාන් හේරත් සඳරත්න(47) කොළඹ 7 රොස්මිඩ් පෙදෙසේ මහල් ගොඩනැගිල්ලක පස්වන මහළෙන් ඇදවැටීමෙන් මරුමුවට පත්ව ඇති බව කුරුඳුවත්ත පොලීසිය පවසනවා.

කිසියම් රෝගී තත්ත්වයක් සඳහා ඖෂධ ලබාගෙන ඇතැයි පැවසෙන මෙම පුද්ගලයා එම ගොඩනැගිල්ලෙන් බිමට පැන සියදිවි හානි කර ගත්තාදැයි සැක මතුව ඇති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යන බව කුරුඳුවත්ත පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට සඳහන් කර තිබෙනවා.

ගොඩනැගිල්ලෙන් බිමට ඇද වැටී බරපතළ තුවාල ලබා සිටි මේ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා.

47 හැවිරිදි අමල් සඳරත්න සාර්ව ආර්ථික පර්යේෂණ සපයන ෆ්‍රොන්ටියර් රිසර්ච් හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරියා වන අතර කලකට ඉහත අභිරහස් ලෙස මියගිය දිනේෂ් ශාෆ්ටර් මහතාගේ සමීප මිතුරකුද වන බවට වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Previous articleඅල්ලස් දුෂණ නීතිය දැන් පෞද්ගලික අංශයටත් වලංගුයි
Next articleකොළඹ වරාය ඇතුළු වාණිජ කටයුතු බද්දේගමට ගෙනයන සුපිරි NPP සැලසුම මෙන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here