Home අද උතුරු දුම්රියේ වේගය වැඩිවෙයි

උතුරු දුම්රියේ වේගය වැඩිවෙයි

566
0

 මේ වසර අවසානය වනවිට උතුරු දුම්රිය මාර්ගයේ පැයට කිලෝමීටර 100 වේගයෙන් දුම්රිය ධාවන කළ හැකි වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

අද(16දා) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේබව සඳහන් කළේය.

මේවනවිට ඉන්දීය ණය ආධාර යටතේ උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර – ඔමන්ත කොටස සංවර්ධන කරමින් පවතී.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“ අනුරාධපුර සිට ඔමන්තය දක්වා කොටස නිශ්චිත කාලසීමාව තුලදී ඉදිකර ඔවුන් අපිට භාරදෙනවා.  මහව සිට අනුරාධපුර දක්වා කොටසේ ඉදිකිරීම් ඊට පසුව ආරම්භ කරනවා. මේ වර්ෂය නිමවන විට කන්කසන්තුරයේ සිට කොළඹ දක්වා පැයට කිලෝමීටර 100 වේගයෙක් ධාවන කළ හැකි පරිදි දුම්රිය මාර්ගය සකස්වේවි. එහිදී පැය එක හමාරකට වැඩි කාලයක් ඉතිරිකර ගත හැකි වඩා හොද දුම්රිය සේවාවවක් උතුරට ලබාදෙන්න පුළුවන් වේවි.” යැයි පැවසීය.

Previous articleආසියාවේ සිංහයා සර්කස් සිංහයෙක් වෙයිද?
Next articleජෙරම්, රාජපක්ෂ පවුලේ රූකඩයක් ද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here