Home අද ආසියාවේ සිංහයා සර්කස් සිංහයෙක් වෙයිද?

ආසියාවේ සිංහයා සර්කස් සිංහයෙක් වෙයිද?

564
0

තමන් විසින්ම තමන්ව දිවැසිවරයකු බව කියාගන්නා ජෙරොම් ප්‍රනාන්දු නැමැත්තා ආගමික සංහිඳියාවට හානි වන අයුරින් ප්‍රකාශයක් කිරීම පිළිබඳ වහාම පරීක්ෂණයක් කර තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබෙනවා.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා වෙත එම නියෝගය ලබා දෙමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ වගකීම් විරහිත හිතළු ප්‍රකාශ නිසා ආගමික ගැටුම් නිර්මාණය වී එය රටේ සංහිඳියාවට බලපෑමක් විය හැකි බවය.

ඒ අනුව දේවගැතිවරයා කළ ප්‍රකාශය පිළිබඳව ජනාධිපතිවරයා දුන් නියෝග පරිදි වහා පරීක්ෂණයක් අරඹන ලෙස සාගල රත්නායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.

ජෙරම් ප්‍රනාන්දු නමැති පුද්ගලයා විසින් සිදුකරන ලද ප්‍රකාශයකට අදාළ වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර එය රට තුළ මහත් ආන්දෝලනයට තුඩුදුනි.

ඔහු එහිදී කළ ප්‍රකාශවලින් බුදුන්වහන්සේට මෙන්ම තවත් ආගමික විශ්වාසයන්ට නිගරු වන බවට දැඩි දෝෂාරෝපණ එල්ල විය.

එම වීඩියෝව මෙතැනින්

ජෙරම් ප්‍රනාන්දු නමැත්තා ගේ මෙම ප්‍රකාශයට එරෙහිව නව භික්ෂු පෙරමුණ කොටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

භික්ෂූන්වහන්සේ එමගින් ඉල්ලා සිටින්නේ වහාම ආගමික අරගලයක් ඇතිවීමට පෙර මෙම දේවගැතිවරයා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසය.

බුදුදහම ප්‍රමුඛව අනෙකුත් ආගම්වලට එරෙහිව අපහාසාත්මක විවේචන කළ මෙම පුද්ගලයාට එරෙහිව නිතීය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පිවිතුරු හෙළ උරුමය ද අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

එමන්ම අද (16) වැනිදා සර්වපාක්ෂික අරගල කරුවෝ සංවිධානයද මේ තැනැත්තා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිත බව එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී නිරෂාන් විතානගේ අප සමඟ කියා සිටියා.

තවද අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී “රටතුළ නැවත ජනවාර්ගික ගැටුම් ඇතිකරන්න ආගමික කණ්ඩායම් අතර ගැටුම් ඇතිකරගන්න විවිධ උත්සහ දරනවා. වගකීමෙන් යුතුව මුලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂාකිරීමටත් ජාතික ආරක්ෂාව තහවුරු කිරීමටත් රජය අවශ්‍ය කටයුතු කරනවා. ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයටත් ඒ පිළිබඳව දැනුම් දුන්නා” යනුවෙන් කැබිනට් ප්‍රකාශක බන්ධුල ගුණවර්ධන කියා සිටියා.

එමෙන්ම ජෙරොම් ප්‍රනාන්දු නැමැත්තා තම අධ්‍යාත්මික පියාණන් ලෙස හඳුන්වා දුන් ඌබර්ට් ඒන්ජල් නමැති රාජ තාන්ත්‍රිකයා ඉකුත් දා අල්ජසීරා මාධ්‍යවේදීන් පිරිසක් විසින් අන්තර් ජාතික මාෆියාවක පුද්ගලයකු බවට වාර්තාමය වැඩසටහන් ඇසුරින් පෙන්වා දී තිබුනා. ඒ ඔහු අන්තර්ජාතික ලෙස කළු සල්ලි සුදු කිරීමේ ප්‍රබල ඒජන්තයකු ලෙස කටයුතු කරන බවට සාක්ෂි ඉදිරිපත් කරමින්

පහත දක්වා ඇත්තේ ඌබර්ට් ඒන්ජල් නමැත්තා සම්බන්ධයෙන් අල්ජසීරා මාධ්‍ය කණ්ඩායම හෙළිදරව් කළ තොරතුරු සඳහන් වාර්තාමය වැඩසටහන් වේ.

පහතින් දක්වා ඇත්තේ එම ඌබර්ට් ඒන්ජල් නැමැත්තාව වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් මුණගැස්වීම සඳහා ජෙරොම් ප්‍රනාන්දු නැමැත්තා සමඟ පැමිණ සිටි අවස්ථාවකි

May be an image of 7 people

එවැනි පුද්ගලයකු තමන්ගේ අධ්‍යාත්මික පියාණන් බවට හඳුන්වා දෙන, ඔහු කරනු ලබන අල්ජසීරා මාධ්‍ය පෙන්වන පරිදි කළු සල්ලි සුදු කරන පුද්ගලයකු ගැන පවා නොදන්නා දිවැසිවරයකු සිටිය හැකිද බව ජනතාව ලෙස අපට ගැටලුවකි.

කෙසේ වෙතත් තමන්ව දිවැසිවරයකු බව තමන් විසින්ම හඳුන්වා දෙන ආසියාවේ සිංහයා යනුවෙන් ඔහුගේ අනුගාමිකයන් විසින්ම පවසන මේ පුද්ගලයා සර්කස් සිංහයකු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත්කරයිද?

Previous articleයූරියා තොගයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය
Next articleඋතුරු දුම්රියේ වේගය වැඩිවෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here