Home අද යූරියා තොගයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

යූරියා තොගයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

685
0

තවත් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 25000 ක තොගයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. මෙම පොහොර තොගය ලංකා පොහොර සමාගම මඟින් 60% ක් සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම මඟින් 40%ක් වශයෙන් ආනයනය කිරීමට නියමිතය.

රජයේ පොහොර සමාගම් දෙක හා පෞද්ගලික අංශය සතුව පවතින යූරියා පොහොර ප්‍රමාණය සහ ගොවිජන සේවා මධ්‍යස්ථානවල ඉතිරිව පවතින තොග සැලකිල්ලට ගැනීමේදී යූරියා පොහොර මෙට්‍රික්ටොන් 25000 ක පමණ ප්‍රමාණයක් තවදුරටත් ආනයනය කළ යුතු බවට හඳුනාගෙන ඇත නිසා මෙලෙස යූරියා ආනයනය කිරීමට තීරණය කර ඇත.

Previous articleසජිත්ව අතහැරපු වඩිවේල් හරින් එක්ක ගමනකට සැරසෙයි
Next articleආසියාවේ සිංහයා සර්කස් සිංහයෙක් වෙයිද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here