Home අද ආරක්ෂක හමුදා යටතේ තිබූ අක්කර 234ක් ගොවි ජනතාවට

ආරක්ෂක හමුදා යටතේ තිබූ අක්කර 234ක් ගොවි ජනතාවට

3498
0

යාපනය ආරක්ෂක හමුදා මූලස්ථානය යටතේ තිබූ ඉඩම් අක්කර 234ක ප්‍රමාණයක් ගොවි ජනතාවට නිදහස් කිරීමට කටයුතු කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ යාපනයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 5කට අයත් ඉඩම් නිදහස් කර ඇති බවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උතුරේ සංචාරයක නිරත වන අතරතුර එම ඉඩම් නිදහස් කිරීම සිදුකර තිබුණි.

ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු මිලියන 2ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ තවත් 408 දෙනෙකු සඳහා සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවය අද (22) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය ඔට්ටගපුලම් ප්‍රදේශයේදී පැවැත්වුණි.

Previous articleපෙබරවාරියේ උද්ධමනය පල්ලම් බැහැලා
Next articleපාස්කු ප්‍රහාරය කළේ කවුද කියල ඇත්තටම මම දන්නවා – මෛත්‍රීපාල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here