Home අද ‘අතේ’ මුල්පුටුව අහිමි වූ මෛත්‍රීපාල තායිලන්තයට

‘අතේ’ මුල්පුටුව අහිමි වූ මෛත්‍රීපාල තායිලන්තයට

4014
0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තායිලන්තයේ සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපොළෙන් අද (09) පිටත්ව ගොස් තිබෙනවා.

මේ බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළ අතර ඒ මහතා සමග තවත් 09 දෙනෙකු යුතු පිරිසක් ද පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

ඔවුන් තායිලන්තයේ බැංකොක් නුවර බලා තායි ගුවන් සේවයේ ටී.ජී.-308 දරන ගුවන් යානයෙන් අලුයම 12.55ට පිටත්ව ගොස් තිබේ.

හිටපු ජනාධිපතිවරයා මෙලෙස සංචාරයක නිරත වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය අප්‍රේල් මස 18 වැනිදා දක්වා දැරීම වළක්වමින් අධිකරණ විසින් අතුරු තහනම් නියෝගයක් ලබාදී සිටියදීයි.

2019 වසරේද ජනාධිපති ධුරය දරමින් සිටියදී අප්‍රේල් මාසයේදී සෞඛ්‍ය හේතු මත බව සඳහන් කරමින් ඒ මහතා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් සිටි අතර ඒ අතර වාරයේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයද සිදු විය.

Previous articleමාස 03ට කෝටි 30,750ක් රටට ගෙනා සංචාරකයෝ
Next articleවියපත් කලාකරුවන්ගේ මාසික දීමනාව රු 10000 කිරිමට ආණ්ඩුවෙන් පියවර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here