Home අද මාස 03ට කෝටි 30,750ක් රටට ගෙනා සංචාරකයෝ

මාස 03ට කෝටි 30,750ක් රටට ගෙනා සංචාරකයෝ

1522
0

මේ වසරේ පළමු මාස තුනක කාලයේ දී සංචා­රක කර්මා­න්ත­යෙන් රුපි­යල් කෝටි 30,750ක (ඇම­රි­කානු ඩොලර් මිලි­යන 1,025) ආදා­ය­මක් උපයා ගැනී­මට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.

ඒ අනුව මේ වසරේ පළමු මාස තුනක කාල­යේදී විදෙස් සංචා­ර­ක­යන් 635,784 දෙනකු මෙර­ටට පැමිණ තිබෙන අතර එය පසු­ගිය වර්ෂයේ පළමු මාස තුනට සාපේ­ක්ෂව සිය­යට 89ක වර්ධ­න­යක් බව සංචා­රක ඇමැති හරීන් ප්‍රනාන්දු පවසනවා.

මේ වසරේ පළමු මාස තුනේදී සෑම මස­කම 200,000 ට වැඩි සංචා­ර­ක­යන් පිරි­සක් ශ්‍රී ලංකා­වට පැමිණ තිබෙන අතර ජන­වාරි මාසයේ දී සංචා­ර­ක­යන් 208,253ක් සහ පෙබ­ර­වාරි මාසයේ දී සංචා­ර­ක­යන් 218,350ක් මෙර­ටට පැමිණ තිබේ. ඊට අම­ත­රව පසු­ගිය මාර්තු මාසයේ දී මෙර­ටට පැමිණ තිබෙන විදෙස් සංචා­ර­ක­යන් සංඛ්‍යාව 209,181ක් බව ද ඇමැ­ති­ව­රයා පෙන්වා දෙයි.

Previous articleනව විදුලි පනතට කැබිනට් අනුමැතිය
Next article‘අතේ’ මුල්පුටුව අහිමි වූ මෛත්‍රීපාල තායිලන්තයට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here