Home අද හොරු අල්ලලා හොර බඩු හොයලා මේ රට ගොඩදාන්න බෑ –  දිලිත්...

හොරු අල්ලලා හොර බඩු හොයලා මේ රට ගොඩදාන්න බෑ –  දිලිත් ජයවීර

1358
0

ශ්‍රී ලංකාවේ දැවැන්තම තීරණාත්මක දේශපාලන, සමාජ, ආර්ථික වෙනස ඇති කිරීමට සුදානම් බව මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සමුළුව අමතමින් ප්‍රකාශ කළේය. සතුටු දැයක් නිර්මාණය කිරීම සඳහා ව්‍යවසායකත්ව රාජ්‍යක් ගොඩ නැගීම අරමුණු කර ගත් මෙම සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවැත්විණි.   පසුගිය මාස කිහිපය පුරා දිස්ත්‍රික් සමුළු රාශියක් පැවැත්වීමෙන් අනතුරුව පවතී මෙම සමුළුව සඳහා ඇති විශාල ජනකායක් ඒ වී සිටිනු දක්නට ලැබිණි.

හොරු අල්ලනවාය කියන සටන් පාඨ වලින් එළියට ආ යුතු බවත් මේ රට දූෂණයෙන් මුදා ගැනීමට නම් අපි  මූණ දෙන  දූෂණයේ විෂම චක්‍රයෙන් එළියට පැමිණිය යුතු බවත් හෙතෙම පැවසීය.  හොරු අල්ලගෙන ගිහිල්ලා හොර බඩු ටික හොයාගෙන මේ රට ගොඩ දාන්නට බැරි බවත් එය බොරු කතාවක් බවද පැවසමින්  වැඩිදුරටත් මේ පිළිබඳ අදහස් දැක්වු දිලිත් ජයවීර මහතා,

”මම දේශපාලනයට එන්න හිටි පුද්ගලයෙක්  නෙමෙයි. නමුත් අපි විවිධ පුද්ගලයින්ට දේශපාලන ප්‍රවාහයන් විශ්වාස කරමින් සහයෝගය ලබා දුන්නා. අකමැත්තෙන් පය ගැහුවත් ඉතාම කැමැත්තෙන් මම දැන් මේ ගමන ඔබ වෙනුවෙන්, රට වෙනුවෙන්, මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් යන්නවා. අපි මීට පෙර කාට සහය දැක්වුවත් ඒ  විශ්වාසයක් මත පදනම්වයි ඒ දේ කලේ. ඒ වෙන කිසිවක් නොවෙයි. මේ ආදරණීය ශ්‍රී ලංකාව කවද හරි දවසක ගොඩනගා ගෙන දියුණු රටක් බවට පත් කර ගන්නට හැකිවේවි යන විශ්වාසය.

නමුත් අපි දැන් මව්බිම ජනතා පක්ෂයේ අපේ මේ ජ්‍යෙෂ්ඨ නායකයින් ඒ වගේම ඉතාමත්ම තරුණ කොටස් එක්ක ඔක්කොම එකතුවෙලා කණ්ඩායමක් හැටියට ලංකාවේ තීරණාත්මක දේශපාලන වෙනසක් සිදු කිරීමේ පරමාර්ථයෙන් කටයුතු කරමින් ඉන්නවා. අපිට දැනෙනවා මේ රටට දැන් හොඳටම මහන්සියි. ගොඩක් අමාරුයි. ඔබට බොහොම පැහැදිලිව ඔප්පු වී තිබෙනවා මේ රට අවුරුදු 75ක් තිස්සේම ඉදිරියට යා හැකි දර්ශනයක් මත පදනම් නොවූ දේශපාලනයක් කරපු නිසා තමයි අද අපිට මේ තත්ත්වය උදාවෙලා තියෙන්නේ කියන එක. මේ රටට, ඔබ සියලු දෙනාගේම ජීවිතවලට  වහාම දැනෙන වෙනස ක් සිදුවන විප්ලවීය වෙනසක් සිදු කල යුතුව තිබෙනවා. අපිට වැරදුනු ප්‍රධානම තැන අපි හැමදාම ආණ්ඩු ගෙනාවේ තවත් ආණ්ඩුවක් පෙරලන්න. එහෙම නැත්නම් තවත් ආණ්ඩුවක වැරදි කියාගෙන. නමුත් අපි එන්නේ රටත් ඔබත් ඉදිරියට ගෙනයන ජීවිතය නගා සිටුවන ලෝකයේ සියලුම දියුණු රටවල් භාවිතා කරන ව්‍යවසායකත්ව රාජ්‍ය සංකල්පයත් එක්ක. මේ රටට නැවත එක තැන පල්වෙන රටක් නොවෙයි. වඩා වේගවත්ව ඔබේ ජීවිතය දියුණුව කරා ගෙන යන විද්‍යාත්මක හා ප්‍රයෝගික වැඩ පිළිවෙලක් එය.

මේක නග්ගලා ගන්න පුළුවන් රටක්, නැගී සිටින්නට බලාගෙන ඉන්න, නැගිසිටින්නට පෙරමුණ ගන්නට තරුණ පරම්පරාවක් සිටින රටක්. ඒ සියලු දෙනාට නායකත්වය දෙන්න ඔවුන් එක පොදියට රටත් සමඟ නාගා සිටුවන්නට අපි සුදානම්. රතුපාට, රෝස පාට ඔය මොන පාටින් ආවත් වෛරයනම් වපුරන්නේ මේ රට යන්නේ ආපස්සට. අපි කියන්න කැමතියි වෛරය වපුරන සියලු දෙනාටම අපි ආදරණිය පක්ෂයක්.

ඒ වගේම හොරු අල්ලනවාය කියන සටන් පාඨ වලින් එළියට එන්න. මේ රට දූෂණයෙන් මුදා ගැනීමට නම් අපි මේ මූණ දෙන මේ දූෂණයේ විෂම චක්‍රයෙන් එළියට එන්න නම් අපි සතුටින් සිටිනට කැමති ජාතියක් හැටියට අභිප්‍රේරණය වෙමින් එයට මුහුණ දිය යුතුයි.  හොරු එකා එකා අල්ලන්න, හොරු අල්ලගෙන ගිහිල්ලා හොර බඩු ටික හොයාගෙන මේ රට ගොඩ දාන්නට බැහැ. ඒක බොරු කතාවක්.” යනුවෙන් පැවසීය.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

 

Previous articleරතු සහෝදරයින් ඉන්දියාවට නොගියා නම් යූ.පී.අයි ගෙවුම් පද්ධතියට විශාල විරෝධයක් එන්න තිබුණා – මනූෂ
Next articleෆොන්සේකාව සභාපතිධූරයෙන් නෙරපීම වළකාලමින් අධිකරණ නියෝගයක්.!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here