Home අද ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය ඇමරිකාව ලෝකයටම කියයි

ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය ඇමරිකාව ලෝකයටම කියයි

1842
0

වසර එකහමාරක කාලයක් තුළ ශ්‍රී ලංකාව වේගවත් දියුණුවක් ලබාගෙන ඇති බව ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ‌ඩොනඩ් ලූ මහතා ප්‍රකාශ කර තිබෙනවා.   එමෙන්ම මේවනවිට රට යම් ස්ථාවරත්වයන් ලබාගෙන ඇති බවද උත්සව සභාවක් අමතමින් එමහතා පවසා ඇති අතර වැඩිදුරටත් මෙසේද පවසා තිබේ.

“මට තියෙනවා ඔබ සියලු දෙනාටම කියන්න කතාවක් ,  ඇමරිකානුවන් ආසයි නැවත නැගිටපු හැටි ගැන කතා අහන්න.  මම සේවය කරන කලාපයට අදාළව, කඬාවැටීමකින් පසුව නැවත නැගී සිටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තරම් විශිෂ්ඨ කතාවක් වෙන කාටවත් නැහැ. වසර එකහමාරක අතීතයට ඔබ ගියොත්, ඔබට මතක ඇති ශ්‍රී ලංකාව කියන්නේ අර්බුදය උඩු දුවපු රටක්.!  ඔබට මතක් වෙයි මහපාරේ තිබුන මහාපරිමාණ විරෝධතාවයන්.

ඔබට මතක් වෙයි පෙට්‍රල් සඳහා තිබුන දිගු පෝලිම් සහ ආහාර සඳහා තිබූ දිගු පෝලිම්.  ඔබට මතක්වෙයි ජනතාව විසින් ජනාධිපතිවරයාගේ නිවස අත්පත් කරගෙන එම නිවසේ පිහිණුම් තටාකයේ පිහිනපු ආකාරය.  විරෝධතාකරුවො ඔහුගෙ නිවසේ කුස්සියෙ කෑමත් ඉව්වා. ඔබ දැන් ලංකාවට ගියොත් තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා.

ඔවුන්ගෙ මුදල් ඒකකය දැන් ස්ථාවරයි. ආහාර මිළ සහ ඉන්ධන මිළ ස්ථාවරයි. ඔවුන්ගෙ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සාතිකයක් හිමිවී තිබෙනවා. IMF මූල්‍ය පහසුකම ලැබෙමින් පවතිනවා. ඔවුන් කොහොමද එය කලේ.?  උත්තරය තමයි ශ්‍රී ලංකාවට මිතුරන්ගෙන් ලද සහය එක්සත් ජනපදයේ ඉන්දු – ෆැසිපික් උපායමාර්ගය තමයි අප හා එක්ව ක්‍රියාකරන පාර්ශයවයන්ට හොදම මාවත විවෘතකරදීම. ආරම්භයේදී ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර අවශ්‍ය වුණා. එහිදී ඉන්දියාව පෙරට ඇවිත් සහණදායී මූල්‍ය පහසුකමක් ලබාදීලා ශ්‍රී ලංකාවට වඩාත්ම අපහසු මොහොතේදී ආහාර, ඉන්ධන වැනි අත්‍යවශ්‍ය දෑ ලබාගන්න සහාය දුන්නා.

ඇමරිකා එක්සත් ජනපදයත් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය ආරක්ෂා කරගැනීම සඳහා පොහොර, බීජ සහ අනෙකුත් යෙදවුම් මිලදී ගැනීමට ඩොලර් මිලියන ගණනකින් ආධාර කලා.  ණය ගැන කතා කලොත් ශ්‍රී ලංකාව ණය කන්දකින් පීඩාවට පත්වෙලා ඉන්නේ. ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය එක්ව ශ්‍රී ලංකාවේ ණය තිරසාර ලෙස ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වඩාත් සුදුසුම ක්‍රමෝපාය කුමක්ද යැයි මාස ගණනාවක් පුරා දීර්ඝ වශයෙන් සාකච්ජා කලා.

එකී වැඩපිළිවෙල චීනයටත් ඔවුන් ලංකාවට ලබාදුන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව සහතිකයක් ලබා දීමට බලකලා. ඒ හරහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා. අද ඔබ දකින ආර්ථිකයේ වෙනස ඇතිවුණේ එහෙමයි.

නොවැම්බර් මාසයේදී ඇමරිකාවේ සංවර්ධන මූල්‍ය සංස්ථාව විසින් ප්‍රකාශයට පත්කරන ලද ඇමරිකානු ඩොලර් මිලියන 553 ක මූල්‍ය පහසුකම රජයට ලබාදෙන ණය මුදලක් නෙමෙයි. (රට ණය වෙන්නෙ නැහැ) ඇමරිකාව ඒ මුදල ලබා දෙන්නේ ශ්‍රී ලංකාවේ ජනතාවට මුදල් ඉපයීමට හැකිවන පරිදි පුද්ගලික අංශයට. කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉදිකිරීම වෙනුවෙන්.  එය රජයට ලබාදෙන ද්වී පාර්ශවික ණයක් නොවේ. ලාභ ලැබිය හැකි ව්‍යාපෘතියක් සඳහා පුද්ගලික අංශය වෙනුවෙන් ලබදෙන සහයෝගයක්. ශ්‍රී ලංකාවට ඔවුන්ගේ ස්වෛරීභාවය ආරක්ෂා කරගැනීම සඳහා එක්සත් ජනපද රජය වශයෙන් අප එරට ආරක්ෂක හමුදා සඳහා නාවුක යාත්‍රා ලබා දී තිබෙනවා.  මේ වසරේදී අප ඔවුනට නව ගුවන් යානයක් ලබාදීමට කටයුතු කරනවා. එය ඔවුන්ගේ මුහුදු සීමාව ආරක්ෂා කරගැනීමට ඔවුන්ට සහාය වේවි.”  යනුවෙන් පැවසීය

Previous articleයළි පිබිදෙන සංචාරක කර්මාන්තය සොයා ජනපති දකුණට – ව්‍යාපාරික ප්‍රජාවේ ගැටලුවලට එම අවස්ථාවේදීම විසඳුම්
Next articleරටේ ප්‍රගතිය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here