Home අද රෝහිතට ‘රත්තරං’ නම පට බැඳුන හැටි පාර්ලිමේන්තුවට

රෝහිතට ‘රත්තරං’ නම පට බැඳුන හැටි පාර්ලිමේන්තුවට

2589
0

තමන් මාල කැඩූ බවට ඇති එකදු හෝ පොලිස් පැමිණිල්ලක් පෙන්විය හැකි නම්, ඕනෑම මොහොතක පාර්ලිමේන්තුවෙන් ඉවත් වීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

අද (24) පාර්ලිමේන්තු සභාවාරය අමතමින් ඔහු ඒ බව සඳහන් කළේය.

බොහෝ අයට කුඩා කාලයේ දී විවිධ අන්වර්ථ නාමයන් පට බැඳෙන බවත් ප්‍රේමලාල් ජයසේකර මහතාට ‘චොකා මල්ලි’ යනුවෙන් අන්වර්ථ නාමයක් පට බැඳ ඇති සේ තමාට ද කුඩා කළ සිට ‘රත්තරං’ යනුවෙන් විවිධ පිරිස් අමතා ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

එවැනි පදනමකින් තමා ව රත්තරං යනුවෙන් විවිධ පාර්ශ්වයන් අමතනවා මිස තමා කිසි දිනයක මාල කැඩීම් වැනි දෑ සිදු නො කළ බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

තමා මාල කඩනවා දැක්ක එක්කෙනෙක් හෝ ඉන්නවා නම් ඉදිරිපත් වන්නැයි අභියෝග කරන බවද අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.

Previous articleඅවලෝකිතේශ්වර මහින්දට මානසික වෛද්‍ය ප්‍රතිකාර නියම කරයි
Next articleOnline පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here