Home අද පුනර්ජනනීය බලශක්තිය ලෙස තවත් මෙගාවොට් 4000 ක් ජාතික පද්ධතියට

පුනර්ජනනීය බලශක්තිය ලෙස තවත් මෙගාවොට් 4000 ක් ජාතික පද්ධතියට

31218
0

ඉදිරි වසර දෙක තුළ පුනර්ජනනීය බලශක්තිය ලෙස මෙගාවොට් 4000 ක් ජාතික විදුලි පද්ධතියට එකතු කිරිමට සැලසුම්කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද(04දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) දෙවන ණය වාරිකය ලැබීමෙන් පසුව ලෝක බැංකු ආධාර මත සුර්ය පැනල ලබාගැනිමේ ණය ආධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම කීවේය.

ඒ අනුව සුර්යබල ශක්තියෙන් මෙගාවොට් 3000 ක් සහ සුර්යබලශක්තියෙන් මෙගාවොට් 1000 මෙලෙස ජාතික විදුලිබල පද්ධතියට එකතුකිරීමට සැලසුම්කර තිබෙන බවද අමාත්‍යවරයා පැහැදිලි කළේය.

මෙම විදුලි ප්‍රමාණය ජාතික පද්ධතියට එක්කිරිම සමග පුනර්ජනනීය බලශක්තිය සම්බන්යෙන් වන ඉලක්ක සපුරාගැනීමට හැකියාව ලැබෙන බවද එමෙන්ම ජනතාවගේ විදුලි අවශ්‍යතාවය දරාගත හැකි මිලකට ලබාදීමට හැකියාව ලැබෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Previous articleසජිත්ගේ අම්මා රජයෙන් මදුරු කොයිල් ඉල්ලයි
Next articleජාත්‍යන්තර ගිවිසුමකට එළැඹෙනවාද – රටේ නීතියට අනුව කටයුතු කරනවාද? – සියලු මාධ්‍ය කථිකාවක් ඇති කර ගත යුතුයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here