Home අද උද්ධමනයට පහළට – මහබැංකුව කී සේම තනි අගයකට එයි

උද්ධමනයට පහළට – මහබැංකුව කී සේම තනි අගයකට එයි

2301
0

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ උද්ධමනය ජූලි මස  සියයට 6.3 ක් දක්වා පහත වැටී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ජුනි මාස සියයට 12 ක අගයක පැවතිණි. මෙම මස (ජූලි) ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට  -1.4 ක් දක්වා  පහත වැටී ඇති අතර පසුගිය ජුනි මාසයේදී එය සියයට 4.1 ක් ලෙස පැවැති බවත් ජූලි මාස ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට 10.5 ක් දක්වා පහත වැටී ඇති අතර එය පසුගිය ජුනි මාස සියයට 16.2 ලෙස පැවැති බවත් ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි

2023 ජූලි මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපේක්ෂා කරන ලද උද්ධමනය පහළ යෑමේ ප්‍රවණතාවට බොහෝ දුරට මෙය අනුකූල වන බවද ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරන අතර  දැනට පවතින තොරතුරු අනුව, උද්ධමනය තවදුරටත් පහළ ගොස් මැදි කාලීනව ඉලක්කගත මට්ටම වටා ස්ථාවර වනු ඇතැයි අපේක්ෂා කෙරන බවද සඳහන් කළේය. මෙලෙස උද්ධමනය පහළ යෑම කෙරෙහි දැඩි මුදල් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිවල පසු බලපෑම, සැපයුම් අංශයේ වර්ධනයන්, බලශක්ති හා ආහාර උද්ධමනය පහළ යෑම සහ හිතකර සංඛ්‍යානමය පදනම් බලපෑම ද සහාය වන අතර ජනජීවිත යථාවත් කිරීමටද එය ඉවහල්වේ.

 

Previous articleසැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඇතුළු ජපන් සංවර්ධන ව්‍යාපෘති කටයුතු කඩිනම් කිරීමට ජපානයේ අවධානය
Next articleමේ වසරේ මුල් මාස හතේදී සංචාරක ක්ෂේත්‍රයෙන් ඩොලර් මිලියන 800ක ආදායමක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here