Home අද ඩොලරය පරදවමින් නව මුදල් ඒකකයක්

ඩොලරය පරදවමින් නව මුදල් ඒකකයක්

28323
0

ලෝක ආර්ථිකයේ ධනවත්ම මුදල් ඒකකය වන අමෙරිකානු ඩොලරය අභියෝගයට ලක් කරමින් නව මුදල් ඒකකයක් හඳුන්වාදීමට බ්‍රික්ස් රටවල් එකතුව සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

බ්‍රසීලය, ඉන්දියාව, රුසියාව හා චීනය යන ලෝකයේ ධනවත් රාජ්‍යයන් හතරකින් සමන්විත බ්‍රික්ස් සමුළුව දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයේ ලබන අගෝස්තු මාසයේ දී පැවැත්වීමට නියමිතය.

එම නව මුදල් ඒකකය අමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව අතිශයින් වෙනස්කම් දක්වන මූල්‍ය ඒකකයක් වන අතර එහි වටිනාකම රත්තරන් මත පදනම්වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

බ්‍රික්ස් සංවිධානය නැඟී එන වෙළෙඳපොළ ආර්ථිකයේ බලවත් සංවිධානයක් බවට පත්ව ඇති අතර ලෝකයේ රටවල් රැසක් එම සංවිධානය සමඟ එක්වීමට සුදානමින් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නව මුදල් ඒකකය හඳුන්වාදීමේ සැලසුම කෙරෙහි අවධානය යොමු වී ඇත්තේ එවැනි පසුබිමකදීය.

මෙලෙස නව මුදල් ඒකකයක් හදුන්වා දෙන බවට බ්‍රික්ස් රටවල් මීට මාස කිහිපයකට කලින් ප්‍රකාශ කළේය.

Previous articleකටුනායකට පසුව දියුණු කරන්න තිබුණේ පලාලි ගුවන් තොටුපොළ
Next articleජනාධිපති මන්දිරයෙන් අතුරුදහන් වී ඇති නිල ලාංඡන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here