Home අද ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මයට තල්ලුවක්

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මයට තල්ලුවක්

590
0

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඉදිරි වසර 05ක සංවර්ධනය සඳහා රුපියල් මිලියන 3800ක් ලබා දීමට ලෝක බැංකුව කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ඉන් රුපියල් මිලියන 1500ක් පශු සම්පත් අංශයේ සංවර්ධනයට වෙන් කර ඇති අතර එම මුදල් ‘කිරෙන් සපිරි රටක්’ ව්‍යාපෘතිය සඳහා වෙන් කර තිබේ.

එසේම එය වර්ෂ 2014ට පසු පශු සම්පත් අංශයේ සංවර්ධනයට වෙන් කළ වැඩිම මුදල් ප්‍රමාණය වන බව සඳහන්ය.

මීට අමතරව කෘෂි මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 1000ක මුදලක් ද වෙන් කර ඇති අතර ඒ යටතේ ප්‍රතිසංස්කරණය නොකරන ලද ග්‍රාමීය අංශයේ කෘෂිකාර්මික මාර්ග අලුත්වැඩියා කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය.

Previous articleජෙරම්ට මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනයක්
Next article  තරුණ පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ආරම්භ කෙරේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here