Home අද පියුමි හංසමාලිගේ වත්කම් ගැන පොලීසියට පැමිණිල්ලක්

පියුමි හංසමාලිගේ වත්කම් ගැන පොලීසියට පැමිණිල්ලක්

2448
0

නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි මුල්‍ය විශුද්ධකරණයේ යෙදෙන්නේ යයි චෝදනා එල්ල කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ක් ගොනු කර තිබෙනවා.

මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා මෙම පැමිණිල්ල ගොනු කරමින් කියා සිටියේ පියුමි හංසමාලි අති සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් සිටින බවත් ඇය ටෙලි නාට්‍ය කිසිවක මෑතක පෙනී නොසිටි බවත් රූපලාවන්‍ය අලෙවියෙන් එතරම් ආදායමක් උපයාගත නොහැකි බවත්ය.

රාජපක්ෂ රෙජීමයේ කළු සල්ලි සුදු කිරීමට ඇය යොදා ගන්නා බවට සැක බවත් ඔහු චෝදනා එල්ල කර තිබෙනවා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිතා කරන ලද රුපියල් මිලියන 100ක වටිනාකමින් යුතු රේන්ජ් රෝවර් රථය පියුමි හංසමාලි අතට පත්වූ ආකාරයත් සම්බන්ධයෙන්ද සැක උපදින බවද පැවසූ ඔහු එය ගෝඨාභය විසින් පියුමි හංසමාලිට ලබා දුන්නේද ඇය විසින් ගෝඨාභය රාජපක්ෂයට ලබා දුන්නේදැයි පරීක්ෂණ පැවැත්විය යුතු බවද කියා සිටියේය.

Previous articleNASA අඟහරු මෙහෙයුමට යන ශ්‍රී ලාංකීක විද්‍යාඥවරිය- පියුමි
Next articleශ්‍රී ලංකාව ණය ගෙවිය හැකි රටක් ලෙස ලෝකය පිළිගන්නවා – ආචාර්ය හර්ෂ ද සිල්වා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here