Home අද ඉන්ධන හිඟයක් ගැන අනිසි බියක් එපා – තෙල් ඇමති

ඉන්ධන හිඟයක් ගැන අනිසි බියක් එපා – තෙල් ඇමති

1907
0

ඉන්ධන හිඟයක් පිළිබඳ අනිසි බියක් ඇතිකර නොගත යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.  මැදපෙරදිග යුදමය තත්වය හා ශීත සෘතුව එළඹීම හේතුවෙන් ලෝක වෙළෙදපොලේ තෙල් මිල ඉහළ යමින් පවතින අතර ඉදිරි මාස 12 සඳහා අවශ්‍ය ඉන්ධන තොඟ පවත්වාගෙන යාමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම විදුලිගාස්තු සංශෝධනය සඳහා මාස 06 ට වරක් සිදුකිරීම වෙනුවට කාර්තුවකට වරක් සිදුකිරීමට හැකිවන ලෙස සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා කීවේ. අද(23දා) ජනාධිපති කාර්යාලයේදී පැවසි මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේබව පැවසීය.

 

 

Previous articleකෙහෙළියගෙන් සෞඛ්‍ය ඇමතිකම ගලවයි
Next articleරටවල් 7කට Free Visa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here