Home අද 2024 විසර්ජන පනත් කෙටුම්පතට කැබිනට්  අනුමැතිය

2024 විසර්ජන පනත් කෙටුම්පතට කැබිනට්  අනුමැතිය

37149
0

2024 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත්කළ එම යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති 2024 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇත. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමට නියමිතය.

එමෙන්ම මෙවර අයවැය මගින් ආයෝජකයින්ට වැඩි වාසි අත්කරදීමේ යෝජනා රැසක් ඇතුළත් බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

 

Previous articleජනපතිගේ ඇමෙරිකානු සංචාරය රටට ප්‍රතිලාභ රැසක් ගෙන දෙන සාර්ථක සංචාරයක්
Next articleගැටුම් නිරාකරණය සම්බන්ධයෙන් අප අසමත්භාවයක් පෙන්නුම් කර තිබෙනවා – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here