Home අද එදා නීතිය ක්‍රියාත්මක කලානම් අද වෙද්දි මේ ප්‍රශ්න විසදිලා

එදා නීතිය ක්‍රියාත්මක කලානම් අද වෙද්දි මේ ප්‍රශ්න විසදිලා

511
0

රටේ ක්‍රියාත්මක පොදු නීතිය විශ්වවිද්‍යාල වලටත් අදාළ විය යුතු බව අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. එමෙන්ම පහරදීම් නිවාස ගිනිතැබීම් සම්බන්ධයෙන් මුල් අවස්ථාවේදීම නීතිය ක්‍රියාත්මක කළේනම් මෙවැනි සිදුවීම් සිදුනොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා පැවසීය.  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාට පහරදීම සම්බන්ධ සිදුවීම පිළිබඳ රජයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකරන බව අද(13දා) පාර්ලිමේන්තුවට දැනුම්දෙමින් අමාත්‍යවරුන් මේබව කිවේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු අමාත්‍යවරයා ,

“ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්වුන අවස්ථාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කළා. ජනාධිපතිතුමා මේ  සිද්ධිය ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් කරලා  වාර්තාවක් ලබාදෙන්න කියලා ඉල්ලා තිබෙනවා. රටේ පොදු නීතිය විශ්ව විද්‍යාලයටත් පොදු වෙන්න ඔනේ. හිංසනය පිටුදකින මානව හිමිකම් ආරක්ෂා කරන තැනත් බවට විශ්වවිද්‍යාල පත්කරන්න ඔනේ. විශ්ව විද්‍යාල ඇතුළු පාසල් පද්ධතිය තුළ මත්ද්‍රව්‍ය පැතිරීම වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතුයි.  බයෙන් සැකයෙන් තොරව කටයුතු කරන්න පුළුවන් තැනක් බවට විශ්වවිද්‍යාල පත්වෙන්න ඔනේ. ඒ සඳහා දේශපාලන පක්ෂ පාට භේදයෙන් තොරව වගකීමෙන් එකතුවෙලා කටයුතු කරන්න ඔනේ.” යැයි පැවසීය.

මෙහිදී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා මෙහිදී මෙසේ පැවසීය,

ජනාධිපතිතුමා ඇතුළු මැතිඇමතිවරුන් ගණනාවකගේ නිවාස ගිණිබත් කළා. ජීවිතයක් අහිමි කළා. ඒ මොහොතෙතත් මේ වගේ කණ්ඩායමක් විදිහට එකතුවුනා නම් ඒ අයට සාධාරණයක් වෙලා අද වෙනවිට එවැනි ක්‍රියාකාරකම් සිදු නොවෙන්න තිබුණා. අද ටත් මට ඉන්න ගෙයන් නැමැ. ඒවගේ මැති අමැතිවරුන් ගණනාවක් ඉන්නවා. ඒගැනත් අවධානය යොමුකරන්න යැයි සඳහන් කළේය

Previous articleවිශ්විවිද්‍යාල පද්ධතිය තුළ ඉතාම නරක ලෙස ප්‍රචන්ඩත්වය පැතිරෙනවා – චරිත හේරත්
Next articleපාර්ලිමේන්තුවම එක් හඬින් හිටපු උපකුලපතිට පහරදීමට විරුද්ධ වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here