අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 44%ක තීරු බදු පැනවීම සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇත.
මෙම පක්ෂනායක රැස්වීම හෙට (10) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
මේ සඳහා සහභාගී වන ලෙස සියලු පක්ෂවලට ආරාධනා කර සිටින බව ආණ්ඩුවේ ඇමතිවරයෙක් පැවසීය.
තීරු බදු පැනවීමත් සමගම ලංකාවේ ඇඟලුම් ශ්‍රේෂ්ත්‍රය ඇතුළු අනෙකුත් අංශවලට එමඟින් සිදුවන බලපෑම සහ ඒ සම්බන්ධව ගතයුතු පියවර පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරෙන බව එම ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.