Home අද පාර්ලිමේන්තුවම එක් හඬින් හිටපු උපකුලපතිට පහරදීමට විරුද්ධ වෙයි

පාර්ලිමේන්තුවම එක් හඬින් හිටපු උපකුලපතිට පහරදීමට විරුද්ධ වෙයි

598
0

විශ්වවිද්‍යාල තුළ පහරදීම් ඇතුලු අනෙකුත් ගැටළු සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා පක්ෂ, පාඨ භේදයකින් තොරව සියලු පක්ෂ එකට එකතුවී තීරණයක් ගත යුතු බව අද (13දා) පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අදහස් පළ කරමින් කියා සිටියා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහචාර්ය අතුල සේනාරත්න මහතාට පහර දීමේ සිද්ධිය පිළිබඳ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අදහස් පළ කිරීමේදී මෙ බව සඳහන් කළහ.

අදාළ සිදුවීම සම්බන්යෙධන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කර වාර්ථාවක් කැඳවන ලෙස කැබිනට් මණ්ඩලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන් බවත්, රටේ පවතින නීතිතිය විශ්වවිද්‍යාල වලද පොදු නීතිය බවට පත් කළ යුතු බවත් එහිදී අදහස් පළ කරමින් අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මෙම පහරදීම සමගි ජන බලවේගය තරයේ හෙළා දකින බවත්, වැරදිකරැවන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමක් කරන බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහිදී සඳහන් කළේය.

මේ අතර මෙම සිදුවීමට ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී ශිෂ්‍ය සම්ගමය සම්බන්ධ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පැවසීය.

Previous articleඑදා නීතිය ක්‍රියාත්මක කලානම් අද වෙද්දි මේ ප්‍රශ්න විසදිලා
Next articleපේරාදෙණියේ සිද්ධිය තරයේම හෙලා දකිනවා – වහාම නීතිය ක්‍රියාත්මක කරන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here