Home අද පේරාදෙණියේ සිද්ධිය තරයේම හෙලා දකිනවා – වහාම නීතිය ක්‍රියාත්මක කරන්න

පේරාදෙණියේ සිද්ධිය තරයේම හෙලා දකිනවා – වහාම නීතිය ක්‍රියාත්මක කරන්න

569
0

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාට පහරදීමේ සිදුවීම සමගි ජනබලවේගය තරයේ හෙලාදකින බවත් ඒ සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

උපකුලපතිවරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අද(13දා) පාර්ලිමේන්තුවේදී හෙතෙම මේබව සඳහන් කළේය.

“සමගි ජනබලවේගය ලෙස අපි  මේ  සිද්ධිය තරයේම හෙලාදකිනවා.  මේ සිද්ධිය අනුමත කරන්නේ නැහැ. ඒ පිළිබඳ වහාම නීතිය ක්‍රියාත්මක කරන්න . විශ්වවිද්‍යාලය තුළ සාමකාමී වාතාවරණයක් තිබෙන්න ඔනේ අධ්‍යාපනයේ නියැලෙන්න.  පේරාදෙණිය පටන්ගත්තේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල වල ආකාරයට. ප්‍රමාද වෙලා හරි පක්ෂ විපක්ෂ හැමෝම එකතුවෙලා මේ ප්‍රශ්නයට විසඳුමක් හොයන්න ඔනේ. එහෙම නැතිනම් අධ්‍යාපනය විනාශ වේවි.” යැයි පැවසීය.

Previous articleපාර්ලිමේන්තුවම එක් හඬින් හිටපු උපකුලපතිට පහරදීමට විරුද්ධ වෙයි
Next articleලෝකේ කිසිම විශ්වවිද්‍යාලයක මෙවැනි විහිලුකාරි ප්‍රචන්ඩත්වයක් නැහැ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here