Home අද ලෝකේ කිසිම විශ්වවිද්‍යාලයක මෙවැනි විහිලුකාරි ප්‍රචන්ඩත්වයක් නැහැ

ලෝකේ කිසිම විශ්වවිද්‍යාලයක මෙවැනි විහිලුකාරි ප්‍රචන්ඩත්වයක් නැහැ

703
0

මෙරට රාජ්‍ය විශ්වවිශ්ව විද්‍යාල වල සිදුවෙමින් පවතින ප්‍රචන්ඩකාරී තත්වයන් ලෝකයේ අනිකුත් රටවල කිසිදු විශ්වවිද්‍යාලයක සිදුනොවන බවත් මෙවැනි ක්‍රියා වාහාම වැළැක්වීමට කටයුතු කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතා අද(13දා) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේබව කීවේය.

“මෙවැනි සිද්ධි අපි දකිනවා. නමුත් මේ සිද්ධිය එවැනි සිද්දිවල උච්චස්ථානයට පැමිණිලා තිබෙනවා. සෑම අවස්ථාවකදීම මේ ගැන ක්‍රියාමාර්ග ගන්නවා කියලා කිව්වත් ප්‍රතිසංස්කරණවාදී ක්‍රියාමාර්ග ගන්න කවුරුත් මැදිහත් වුණේ නැහැ.

විශ්ව විද්‍යාල පවත්වන්නේ රටේ බදු මුදලින්. ශිෂ්‍යයෝ ඉගෙන ගන්නේ බදු මුදලින්. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා මේ විශ්ව විද්‍යාල පද්ධතියලෝකේ තියෙන දියුණු මට්ටමේ විශ්ව විද්‍යාල පද්ධතියක් බවට පත්වෙනවද නැද්ද කියලා බලන්න.

අද ලෝකේ කිසිම විශ්වවිද්‍යාලයක මෙවැනි විහිලුකාරි ප්‍රචන්ඩත්වයක් නැහැ. නමුත් මෙතත්වය මග හරින ප්‍රකාශ කරනවා මිස ක්‍රියාත්මක වෙලා නැහැ .ඒ නිසා මෙවර කල්පනාවෙන් කටයුතු කරන්න . එහෙම නැතිඋනොත් ලංකාව විශාල භීෂණයකට අර අදින තත්වයක් පෙනෙන්න තිබෙනවා. යැයි සඳහන් කළේය.

Previous articleපේරාදෙණියේ සිද්ධිය තරයේම හෙලා දකිනවා – වහාම නීතිය ක්‍රියාත්මක කරන්න
Next articleනීතිපති දෙපාර්තුමේන්තුව දේශබන්දු ගැන කළ දැනුම්දීම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here