Home අද ඇමති සුනිල් පැය 24 න් 180° ක් හැරෙයි : ඊයේ ශෝක් කියූ...

ඇමති සුනිල් පැය 24 න් 180° ක් හැරෙයි : ඊයේ ශෝක් කියූ දේට අද ශොක් වෙලා !

241
0

ඇමෙරිකාව විසින් මෙරටට පනවා ඇති 44% ක තීරුබදු විශාල “ශොක්” එකක් බවත් , එය මේ මොහොතේ දේශබන්දුට දරාගත නොහැකි බවත් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

මාධ්‍යවේදීන් අද කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසු අතර වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

“අපි අපේ රටේ ආර්ථිකය යම් ස්ථාවර කරගනිමින් අපේ දේශීය කර්මාන්ත විශේෂයෙන් අපනයන ක්ෂේත්‍රයේ අපේ ඉලක්කයක් තියෙනවා මේ අවුරුදු බිලියන තුනක් වැඩි කරන්න. ඒකට මේක ෂොක් එකක්.
විශේෂයෙන්ම 44%ක් වගේ එකක් ගණන් හදලා තියෙන ක්‍රමය අසාධාරණයි. ඒගොල්ලෝ ගණන් හදලා තියෙන්නේ මේ වෙළඳ ශේෂ පරතරය දෙකට බෙදලා.
ඇමරිකාවත් එක්ක අපට වෙලද ශේෂයක් තියෙනවා අපිට අතිරික්තයක් හැටියට. ඒක දෙකට බෙදලා භාගයක් අපට පටවන එක හරි නෑනෙ.
ඉතින් අපි හිතනවා ඇමරිකාවට එහෙම දෙයක් අපිට කරන්න මේ දේශපාලන හේතුවක් නෑ. නමුත් අපිට ඒක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.
එතකොට මොකද මේක අපට දරාගන්න අමාරුයි මේ වෙලාවෙ. අපි ස්ථාවර වෙන්න පටන් ගත්ත මොහොත මේ.
මේකේ දිගටම මේග අල්ලන් ඉන්න අමාරුයි. මොකද ඒක ඇමරිකාවේ ජනතාව විශාල වශයෙන් පාරිභෝජනවාදී රටාවකට හුරු වෙලා ඉන්නව. ඒගොල්ලොගේ මධ්‍යම පංතියට මේක දරාගන්න බෑ. ට‍්‍රම්ප් මහත්තයා වගේ පෝසත්  අය  ඔක්කොම  නෑනෙ ඇමරිකාවෙ”

කෙසේවෙතත් සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා ඊයේ (03) සඳහන් කර සිටියේ ඊට හාත්පසින් වෙනස් අදහසකි.

ඊයේ අමාත්‍යවරයා පවසා සිටියේ මේ මොහොතට අදාළව තර්ජනයක් නොවන බවය.

මේ සම්බන්ධව අදහස් දක්වන ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ අමාත්‍යවරයා පැය 24ක් ගතවීමට පෙර සිය මතය 180°කින් වෙනස් කර ඇති බවයි.

ඒ අනුව හෙට දින තවත්  මතයක් දැරීමට ඉඩ ඇති බැවින් කවර මතය පිළිගන්න දැයි අදහසක් නොමැති බව පවසන ආර්ථික විශ්ලේෂකයන් මෙවැනි විරුද්ධාභාස දනවන ප්‍රකාශ ජාතික ජනබලවේගය ආණ්ඩුව ලබාගත් ජනවරමටත් නිගාවක් බවද පවසයි.

එසේම  සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා ඊයේ කියූ දේ බොරු බවත් අද පැවසූ දේ සත්‍ය බවත් දැන් සිදුවිය යුතුව ඇත්තේ තත්ත්වය විග්‍රහ කරමින් කාලය නාස්ති කිරීම නොව අර්බුදයට පිළියම් යෙදීම බවද ඔවුන්ගේ මතය වී තිබේ.

ට්‍රම්ප් පැනවූ නව තීරුබදු තර්ජනයක් නොවෙයි : හඳුන්ගෙන් සතුට වඩන ප්‍රකාශයක් !

Previous articleමෝදි රැගත් සුවිශේෂි ගුවන්‍ යානය කටුනායකට පැමිණේ.! වර්ෂාවෙන් දැඩි බාධා
Next articleආන්දෝලනාත්මක ග්‍රීක බැඳුම්කර ආයෝජනය : නඩුවේ අලුත් විස්තරේ මෙන්න !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here