Home අද විශ්විවිද්‍යාල පද්ධතිය තුළ ඉතාම නරක ලෙස ප්‍රචන්ඩත්වය පැතිරෙනවා – චරිත හේරත්

විශ්විවිද්‍යාල පද්ධතිය තුළ ඉතාම නරක ලෙස ප්‍රචන්ඩත්වය පැතිරෙනවා – චරිත හේරත්

664
0

මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය තුළ, ඉතාම නරක ලෙස ප්‍රචන්ඩත්වය පැතිරෙමින් පවතින බවත් එය වැළැක්විමට වහාම මැදිහත්විය යුතු බවත් මහාචාර්ය චරිත හේරත් මහතා අද(13දා) පාර්ලිමේන්තුවේ පැවසීය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට ශිෂ්‍ය පිරිසක් විසින් සිදුකළ මැර ප්‍රහාහරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේබව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා,

“මහාචාර්ය අතුල සේනාරත්න මැතිතුමාට පහර දුන්නු ප්‍රශ්නය ඉතාම බරපතලයි.  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කිසිම දවසක මෙවැනි දේවල් වලට මුහුණ දුන්නේ නැහැ. ගුවරුවරුත් ශිෂ්‍යයොත් 12000 පමණ වසර 50 පමණ කටයුතු කරලා තිබෙනවා. මෙහෙම ප්‍රශ්නවලට මුහුණ දීලා නැහැ. නමුත්  විශ්ව විද්‍යාලය ඇතුලෙ ඉතාම නරක තැනකට දැන් මේක ගමන් කරමින් තිබෙනවා. මේ සම්බන්යෙන් එකඟතාවයට ඇවිත් මැදිහත් උනේ නැතිවම් ආචාර්යවරුන් විශ්වවිද්‍යාල හැර යයි. දෙමාපියෝ දරුවන්ව විශ්වවිද්‍යාලයට යවන්නේ නැතිවෙයි. අතුල සේනාරත්න කියන්නේ පිළිගත්තු චරිතයක්. අපේ හිටපු උපකුලපති. ඉදිරියේදී මේවගේ තත්වයක් ඇතිනොවෙන්න කටයුතු කළ යුතුයි.  පේරාදෙණිය කියන්නේ නේවාසික විශ්වවිද්‍යාලවල ආරම්භය.  නමුත් දැන්  විශ්ව විද්‍යාල පද්ධතියේ ශිෂ්‍යයන් ගුරුවරුන් අතර  ගැටලුවක් ඇතිවෙමින් යනවා. පේරාදෙණියේ ශාස්ත්‍රපීඨයේ පීඨාධිපතිටත් මෙවැනිම ප්‍රශ්නයක් ඇතිවුණා.  රටේ අධ්‍යාපනය නිශ්චිත කරන්නනම් මෙවැනි ගැටුම් ඇතිවීම වළක්වන්න අවශ්‍ය්‍යයි. අධ්‍යාපන ඇමති මේ ගැන විශේෂ ප්‍රකාශයක් කරන්න කියල ඉල්ලා සිටිනවා. යැයි පැවසීය.

Previous articleවිශ්වවිද්‍යාල සම්බන්ධයෙන් ජනපති ආරක්ෂක අංශවෙත ලබාදුන් උපදෙස්
Next articleඑදා නීතිය ක්‍රියාත්මක කලානම් අද වෙද්දි මේ ප්‍රශ්න විසදිලා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here