ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් පෙබරවාරි 1 වැනිදා සිට කැනඩාව,මෙක්සිකෝව සහ චීනයට තීරුබදු පැනවීමක් නිවේදනය කර ඇති අතර එම බදු අනුපාත වෙනස් කිරීම් මෙරටට ඇති කරන බලපෑම ගැන තමා විසින් 2025.02.19 වැනි දා පාර්ලිමේන්තුවෙන් ප්‍රශ්න කරනු ලැබූ අතර මෙහි දී ගෝලීය වශයෙන් පනවන්න යන ප්‍රතිචාරාත්මක බදු ගැන ප්‍රශ්න කළත් රජයේ පාර්ශ්වයෙන් නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කරනු ලැබූ බවත් පසුගිය දා අප රටේ අපනයනවලට 44%ක ප්‍රතිචාරාත්මක බදු පැනවීමෙන් පසු රජයේ අවධානය යොමු වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ඇමෙරිකානු සෙනට් සභාව සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ ශ්‍රී ලංකා ඇමෙරිකා මිත්‍රත්ව සංගමයක් තිබේද යන්නත් එහි සිටින සෙනට් සාමාජිකයන් ප්‍රමාණය සහ එම සාමාජිකයන් කවුරුන්ද සහ ඔවුන් නියෝජනය කරන ප්‍රාන්ත සම්බන්ධයෙන් දැන ගැනීමට අවශ්‍ය බවත් මෙම සංගම්වල සාමාජිකයන් සම්බන්ධ කර ගනිමින් අප රටේ අපනයනවලට පනවා ඇති 44%ක ප්‍රතිචාරාත්මක බදු ප්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීමට කටයුතු කර ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියොග 27 (2) යටතේ ඇමෙරිකානු රජය අප රටට පනවා ඇති 44%ක ප්‍රතිචාරාත්මක බදු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමිනි.
මෙම සෙනට් සභිකයන්ට සහ නියෝජිත මන්ත්‍රි මණ්ඩලයට ඔවුන්ගේ බලතල භාවිත කර මෙම බදු අඩු කර ගැනීමට යම් ප්‍රගතියක් ලබා ගැනීමට හැකි බවත් මේ වන විට රිපබ්ලිකන් පක්ෂයේ හා ඩිමොක්‍රටික් පක්ෂය එකට එකතු වී සෙනට් සභාව හරහා මෙම බදු සම්බන්ධයෙන් නීතියක් ගෙන ඒමට සූදානම් බැවින් මේ අය සමග කඩිනම් සාකච්ඡාවකට යන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් අවධාරණය කළේය.
2025.03.15 වැනි දින රජය පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළ ආකාරය මේ වන විට පත් කර ඇති දූත කණ්ඩායම මෙම ප්‍රශ්නය වෙනුවෙන් ලබා ඇති ප්‍රගතිය දැන ගැනීමට අවශ්‍ය බවත් මෙම දූත කණ්ඩායම ඇමෙරිකාවට පිටව ගොස් පවත්වන ලද සාකච්ඡා සහ එම සාකච්ඡා පැවැත්වූ ආයතන, කණ්ඩායම් හා පුද්ගලයන් කවුද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මෙම බදු ගැටලුව නිරාකරණය කිරීමට ඇති රජයේ වැඩපිළිවෙළ ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.
මෙම ගැටලුවට විසදුමක් ලෙස අපනයන ගමනාන්ත විවිධාංගීකරණයට ගෙන ඇති පියවර මෙන්ම රටට ගලා එන සෘජු විදේශ ආයෝජන ප්‍රවර්ධනය කරන්න ගෙන ඇති පියවර දැන ගැනීමට අවශ්‍ය බව පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ මෙම බදු නිසා රටේ අපනයනවලට ආර්ථික වර්ධනයට හානියක් සිදු වුවහොත් 2028 වසරේ ණය ගෙවීමේ දී සිදුවන දේ දැන ගැනීමට අවශ්‍ය බවයි.
තමා ඊයේ දිනයේ අයිඑම්එෆ් එකේ මෙරට නව නියෝජිතවරයා හමුවූ අවස්ථාවේ දී කියා සිටියේ මෙම බදු නිසා 2028 දී ණය ගෙවීමේ දී ගැටලුවක් ඇති වන බවත් එම නිසා වහාම රජය අයිඑම්එෆ් එක හමු වී යම් විසඳුමක් ලබා ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.