වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී පසුගිය දා මියගිය තරුණයාගේ මළ සිරුර ගොඩගෙන නැවත පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (09) නියම කළේය.
විශේෂඥ වෛද්‍යවරු තිදෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කමිටුවක් මගින් මෙම පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඊට අදාළ වාර්තාව තමා වෙත ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත නියෝග කරනු ලැබීය.
අගතියට පත් පාර්ශව විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කර තිබේ.