රාජ්‍ය සේවක වැටුප් නව සංශෝධන අනුව මෙම මස 10 වැනි දින ගෙවන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත දැනුම් දී ඇත.
යම් හෙයකින් එදිනට අදාළ සංශෝධිත වැටුප ගෙවීමට නොහැකි තත්ත්වයක් තිබේ නම් දැනට ඔවුන් වෙත ගෙවනු ලබන වැටුප ලබාදීමට පියවර ගන්නා ලෙසත් 25 වැනි දිනට එහි හිඟ මුදල ගෙවන ලෙසත් දැනුම් දී තිබේ.
මෙම වර්ෂය සඳහා පසුගිය අයවැය ලේඛනය මගින් වැඩි කරන ලද රාජ්‍ය සේවක වැටුප අප්‍රේල් මස වැටුපට ගෙවීමට නියමිතව තිබිණි.
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීම සාමාන්‍යයෙන් මාසයේ 25 වැනි දින සිදු කරන අතර සිංහල දෙමළ අලුත් අවුරුද්ද හේතුවෙන් මෙම මාසයට හිමි වැටුප 10 වැනි දිනය ගෙවනු ලබයි