Home අද රබර් – ඇඟළුම් කර්මාන්ත ඉවරයි : මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති කියයි...

රබර් – ඇඟළුම් කර්මාන්ත ඉවරයි : මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති කියයි !

373
0

ඇමරිකාව ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා මෙතෙක් අයකළ 12%ක තීරුබදු ප්‍රතිශතය 44%ක් දක්වා ඉහළ නැංවූ පසු ලංකාවේ නිෂ්පාදන සඳහා තව දුරටත් ඇමරිකාව තුළ තරග කළ නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන පවසයි.

මේ සමග ඩොලර් මිලියන 2000ක් පමණ වන ශ්‍රී ලංකාවේ ඇඟළුම් සහ ඩොලර් මිලියන 500ක් පමණ වන රබර් නිෂ්පාදන සඳහා ඇමරිකානු වෙළඳපොළ තුළ තව දුරටත් තරග කළ නොහැකි වනු ඇතැයිද ඔහු අවධාරණය කරයි.

ආචාර්‍ය ඩබ්. ඒ. විජේවර්ධන මේ බව සඳහන් කර සිටියේ youtube නාලිකාවක් සමඟ පැවති සාකච්ජාවකදීය.

මෙය ලංකාවේ ඇඟළුම් සහ රබර් ඇතුළු විශාල වශයෙන් ඇමරිකාවට අපනයනය කරන නිෂ්පාදන කර්මාන්ත සඳහා විශාල පහරක් වනු ඇති බවත් රජයට එම කර්මාන්ත රැකගැනීමට විශේෂ සහන දීමට සිදුවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් අදහස් පවසයි.

එසේම  මිනිස් ශ්‍රමය වෙනුවට නව තාක්ෂණය යොදා ගෙන සිය රටේ දීම ඇඟළුම් නිෂ්පාදනයට ඇමරිකාව කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු එහිදී සඳහන් කළේය .

Previous articleආණ්ඩුවේ ආහාර ද්‍රව්‍ය අඩංගු සහන මලු බෙදා හැරීම අත්හිටුවයි
Next articleට්‍රම්ප් එක්ක බදු ගැන කතා කරන්න ලක්මාලි යනවා කියන කතාව බොරුවක්.!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here