Home අද චීනය සහ ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම් පාර්ලිමේන්තුවට දෙන්න – දයාසිරි...

චීනය සහ ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම් පාර්ලිමේන්තුවට දෙන්න – දයාසිරි කතානායකගෙන් ඉල්ලයි

60
0

චීනය සහ ඉන්දියාව සමඟ වත්මන් රජය අත්සන් කළ ගිවිසුම් සියල්ල වහාම පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා කථානායකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.

මෙම ගිවිසුම් සියල්ල සම්බන්ධව පාර්ලිමේන්තුවේ විවාදයක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම ලිපිය මගින් තවදුරටත් ඉල්ලා තිබේ.

රටක් තවත් රටක් සමග ගිවිසුම් අත්සන් කිරීමේදී ඒ පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් විය යුතු නමුත් මේ ගිවිසුම් සම්බන්ධව මෙතෙක් පාර්ලිමේන්තුව දැනුවත් කර නැති බවට චෝදනා කරන දයාසිරි ජයසේකර මහතා මෙමගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ කර ඇති බව පෙන්වා දුන්නේය.

දයාසිරි ජයසේකර මහතා කථානායකවරයා වෙත යවන ලද සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

No description available.

No description available.

No description available.

Previous articleපොලිස් අත්අඩංගුවේදී මියගිය තරුණයාගේ මෘත ශරීරය ගොඩගන්නැයි නියෝග
Next articleඇමරිකාවෙන් පනවපු බද්ද ගැන සාකච්ඡා කරන්න ජනපති පක්ෂ නායක හමුවක් කැඳවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here