කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අශෝක වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අද (09) අත්අඩංගුවට ගෙන ඇත.
රාජපක්ෂ පවුලේ සාමාජිකයෙක් සඳහා කතරගම ප්‍රදේශයේ ඉඩමක් සහ නිවසක් ලබා ගැනීමේ දී ඒ සඳහා ලියකියවිලි සකස් කිරීමේ චෝදනාව මත හිටපු සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව සිටියදී අශෝක වික්‍රමසිංහ මහතා මෙම දේපොළ රාජපක්ෂ පවුලේ සාමාජිකයාට ලබා ගැනීමට අවශ්‍ය ලේඛන ඔහු විසින් සකස් කර ඇති බවට චෝදනා එල්ල වී ඇත.
අත්අඩංගුවට ගත් හිටපු සභාපතිවරයා ගෙන් ඉහත චෝදනා සම්බන්ධව තවදුරටත් ප්‍රශ්න කරගෙන යන බවත් ඉන් අනතුරුව ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය