Home අද ජනතාවගේ ප්‍රසාදය තුට්ටුවට වැටුන රාජපක්ෂ පවුල

ජනතාවගේ ප්‍රසාදය තුට්ටුවට වැටුන රාජපක්ෂ පවුල

720
0

මේ වන විට පාර්ලිමේන්තුව නියෝජය කරන දේශපාලඥයින් අතර ජනතා ප්‍රසාදය අඩුම දේශපාලඥයින් අතරට රාජපක්ෂ පවුලේ දේශපාලඥයින් පත්ව තිබෙනවා.

ඒ අනුව ජනතා ප්‍රසාදය අඩුම දේශපාලඥයා බවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පත්ව තිබෙන අතර ඉන් අනතුරුව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ පත්ව තිබෙනවා.

ඔවුන්ගේ ලකුණු පිළිවෙළින් -73ක් හා -64ක් වෙයි. ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනතා ප්‍රසාදය -51ක් තිබෙන අතර මහින්ද රාජපක්ෂට ජනතා ප්‍රසාදය දැක්වෙන්නේ – 52ක් ලෙසිනි.

ජනතාව අතර ප්‍රසාදය හිමි දේශපාලඥයින් අතර ධන අගයක සිටින්නේ හිටපු රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේය. ඇයට ධන ලකුණු 8ක් හිමිව තිබේ. හිටපු රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාට සෘණ හෝ ධන ලකුණු හිමිව නොමැති අතර ඔහුගේ අගය 0 වෙයි.

අනුර කුමාර දිසානායකට – 16 ක් හිමිව තිබේ. ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට සෘණාත්මක ලකුණු 39ක් හිමිව ඇති අතර සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් මෙම ගණනය කිරීම් සිදුකර තිබේ.

Previous articleරටක් විදිහට නැගිටින්න අපේ කර්මාන්ත දියුණු කිරීම වැදගත්
Next articleශ්‍රීලංකාවේ උද්ධමනය පහළට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here