ඇමරිකාවේ නව තීරු බදු පැනවීමත් සමග බොරතෙල් බැරලයක මිල 6.68%කින් පහළ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 55.60 දක්වා පහළ වැටී ඇති බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 2021 වර්ශයට පසුව මෙසේ ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළ වැටී ඇත්තේ වසර 04කට පසුව බවයි.
එමෙන්ම බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 60ට වඩා පහළ වැටුණු පළමු අවස්ථාව මෙය බවද සඳහන්.
කෙසේ වෙතත් චීනය විසින් එක්සත් ජනපද භාණ්ඩ සඳහා අතිරේක තීරුබදු ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මෙලෙස අද දිනයේ (09) බොරතෙල් මිල 7%කින් පමණ පහළ වැටී ඇති බවයි වාර්තා වන්නේ.