පොලිස් ස්ථානාධිපතිවරුන් ඉවත් කිරීමට අදාළව වැඩබලන පොලිස්පතිවරයා වෙත දී තිබූ බලතල ඉවත් කිරීමට ජාතික පොලිස් කොමිසම විසින් කටයුතු කර ඇත.
ඒ පොලිස් ස්ථානාධිපතිවරුන් ඉවත් කිරීමේදී ඇතිකරගත් මූලික එකඟතා වැඩබලන පොලිස්පතිවරයා විසින් උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
එසේම වැඩබලන පොලිස්පතිවරයා විසින් බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයාට ලබා දුන් ස්ථාන මාරුව අත්හිටුවීමටද පොලිස් කොමිසම පියවර ගෙන ඇත.
මේ පිළිබඳව දැනුම්දෙමින් පොලිස් කොමිසම විසින් නිවේදනයක් නිකුත්කර ඇති අතර පොලිස් කොමිසමේ සහ මැතිවරණ කොමිසමේ අනුමැතියකින් තොරව වැඩබලන පොලිස්පතිවරයා විසින් බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයාට ලබා දුන් ස්ථාන මාරුවීම පොලිස් කොමිසම විසින් අත්හිටවූ බව එහි සඳහන් කර තිබේ.
මේ සම්බන්ධව පොලිස් කොමිසම විසින් නිකුත් කළ නිවේදනය පහත දැක්වෙයි .